728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 4, 2023

රෝහල් වලට කඩදාසි රැගෙන යාම අනිවාර්යයි -දරු ප්‍රසූතියට ගිය මවට මීගමුවේ රෝහලේ බඩු ලිස්ට් එක මෙන්න


බලන්ගොඩ ප්‍රදේශයේ ඇති රජයේ ග්‍රාමීය රෝහල් වල සහ ප්‍රථමික ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයකම රෝගින් වෙත ඖෂධ දමා දිිම සදහා අවශ්‍ය කෙරෙන (බහලුන් කවර) කුඩා කඩදාසි කවර හිග විම හේතුවෙන් රෝගිින් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලද දැඩි අපහතාවයට පත්වෙන බවට වාර්තා වෙිි.

රෝගින් එම රජයේ වෛද්‍ය මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර ලබා ගත් පසුව නිවෙස්වලට ඖෂධ රැගෙන යැම සදහා එම වෛද්‍ය මධ්‍යස්ථාන වල මෙලෙස කඩදාසි කවර හෝ ඖෂධ ඔතා දිම සදහා කඩදාසි හෝ නොමැති කම හේතුවෙන් තමන් දැඩි අපහතාවයට පත්වෙන බවද ජනතාව සදහන් කරති.

ඇතැමි සෞඛ්‍ය මධ්‍යස්ථා වල එක් කඩදාසි කවරයකට ඖෂධ වර්ග කිහිපයක් දමා දෙන බවද ඔවුහු කියති.

ග්‍රමිය රොහල්වලට ප්‍රතිකාර ලබාගැනිමට යන විට කුඩා කඩදාසි කවර රෝගියා විසින් රැගෙන යා යුතු බවද ජනතාව වැඩිදුරටත් සදහන් කරති.

මේ අතර සමාජජාල මාධ්‍ය ඔස්සෙ මීගමුව මූලික රෝහලේ දරු ප්‍රසූතියකට සුදානම් වන මවකට රෝහලට රැගෙන එන ලෙස ලබා දුන් භාන්ඩ ලැයිස්තුවක් ගැන බොහො දෙනාගේ කතා බහට ලක්ව ඇත.මෙහිද සියලුම දේ අදාල රෝහල් ගත වන පුද්ගලයා විසින් සපයා ගත යුතු වේ. එම භාන්ඩ ලැයිස්තුව පහතින්





  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රෝහල් වලට කඩදාසි රැගෙන යාම අනිවාර්යයි -දරු ප්‍රසූතියට ගිය මවට මීගමුවේ රෝහලේ බඩු ලිස්ට් එක මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com