728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, March 6, 2023

දයාසිරි අතෙන් බහියි - හෙලිකොප්ටරෙත් අතර මඟ දයාසිරිගේ ඊලග නැවතුම මෙන්න


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පත්කර තිබේ.

පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම් කර ඇත.

සරත් ඒකනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධුරයද දරමින් සිටියි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බවට මාධ්‍ය වාර්තා පල විය.

මේ අතර සමගි ජන බලවේගයේ ප්‍රධානින් සමග දයාසිරි ජයසේකර මහතා සාකච්ජා අරභා  ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් වාර්තා වන අතර බොහෝ දුරට ඉදිරි සතිය තුල ඔහු සමගි ජන බලවේගය සමග එකතු වෙනු ඇති බවට එම පක්ෂයේ  ප්‍රධානියෙක් පවසයි 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දයාසිරි අතෙන් බහියි - හෙලිකොප්ටරෙත් අතර මඟ දයාසිරිගේ ඊලග නැවතුම මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com