728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, March 6, 2023

වීරකැටිය නොසන්සුන් - පොලිස් එස්.අයි ගේ කන් දෙකම අහිමි වෙයි


වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයාලේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම  අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. 

ගැටුම අතර තුරදී කන් දෙක සපා කෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයිද පොලීසිය කියයි.

ගැටුමෙන් පොලිස් නිළධාරීන් 05 දෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. සිවිල් වැසියන් දෙදෙනා සහ පොලිස් නිළධාරීන් සිවු දෙනකු තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති.

වීරකැටිය පොලීසියේ නිළධාරීන් පිරිසක්  වීරකැටිය පොලිස් වසමේ ගෝනදෙනිය ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගොස් නැවත එන අතර තුරදී අත්තනයාල ප්‍රදේශයේ මාර්ගයේ රැදී සිටි කිහිප දෙනකු පරීක්ෂාවට ලක් කොට තිබේ. 

ඒ අතර තුරදී තරුණයන් දෙදෙනෙකු හා පොලිස් නිළධාරීන් අතර බහින් බස් වීමක් ඇති වූ බවට තොරතුරු තිබේ. අනතුරුව එය ගැටුමක් බවට පත්ව තිබේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වීරකැටිය නොසන්සුන් - පොලිස් එස්.අයි ගේ කන් දෙකම අහිමි වෙයි Rating: 5 Reviewed By: webgossip24.com