728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 4, 2023

එයා කියපු නිසා කලාවෙන් අයින් වුනා දැන් පෙම්වතත් නෑ කලාවත් නෑ

 


කාලයක් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි කතා බහට ලක් වෙන ඇය දැන්නම් පුංචි තිරය හරහා දැක ගන්නට ලැබෙන්න්නේ නෑ. මේ වන විට කලාවෙන් ඉවත් වෙලා අවුරුදු තුනක් පමණ වන මේනකා මධුවන්ති කාලයක් වැඩි පුර කතා බහට ලක් වෙන චරිතයක් වුණේ ඇය කරන විලාසිතා නිසා.

ඉතින් කලාවෙන් ඈත් වෙලා දුර රටක ජීවත් වෙන මේනකා කලාවට සමු දුන්නේ හේතුවක් මතයි. ඉතින් ඒ හේතුව නිසා ඇය කලාවට සමු දීලා හිටියත් මේනකා තේරුම් ගත්ත දේ තමයි කලාව තුළ වුණත් හැමදාම ඉන්න බැරි බවයි. ඉතින් මේ වන විට ඩුබායි රටේ ජීවත් වන ඇය මුලින්ම ඩුබායි රටට යන්නේ ඩිප්ලෝමා එකක් කරන්න. ඊට පසුව ලංකාවට යනවට වඩා ඩුබායි වලම ඉන්න එක සුදුසුයි කියලා ඇය ඩුබායිවලම ඉන්න තීරණය කරන්නේ. ඉතින් හැමෝටම ප්‍රශ්නයක් වුණා මේනකා මධුවන්ති මොකද කලාවෙන් ඉවත් වුණේ කියලා. ඒ ගැන ඇය මේ විදියටයි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මම කලාවෙන් අයින් වුණේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කිව්වා රංගනයට සමු දෙන්න කියලා. එයා කැමති නෑ රගපානවට. අවසානෙදි මම රංගනයට සමු දුන්නා එයා කියන දේ අහලා. ඊට පස්සේ මට රංගනයත් නෑ එයත් නෑ. එයාගෙ හොර වැඩ මට මාට්ටු වුණා. මම සමාවත් දුන්නා. නමුත් එයා හැදෙන කෙනෙක් නෙමෙයි.”

මේ විදියටයි මේනකා මධුවන්ති ඇගේ අදහස් දක්වලා තිබුණේ. දැන් නම් ඇය ආදරය ගැන කිසි සේත්ම හිතන්නෙ ත් නෑ සහ විවාහ වෙන්න කිසිම ආසාවක් බලාපොරොත්තුවක් නෑ කියලයි මේනකා කියන්නේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: එයා කියපු නිසා කලාවෙන් අයින් වුනා දැන් පෙම්වතත් නෑ කලාවත් නෑ Rating: 5 Reviewed By: webgossip24.com