728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, September 22, 2023

බිරිඳට අයුතු බලපෑම් කළැයි තරුණයකු පැහැරගෙන ලිංගයට මිරිස් කුඩු දමා කටට ගෙම්බෙක් දමයි…


 බිරිඳට අයුතු බලපෑම් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයකු වාහනයකින් පැහැරගෙන ගොස් අමානුෂික වධහිංසා පමුණුවමින් පහර දෙමින්, ගෙම්බෙකු කට තුළ තබාගෙන සිටීමට සලස්වමින් ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ප්‍රධාන සැකකරුගේ බිරිඳ ඇතුළු සැකකාරියන් තිදෙනකු එළැඹෙන 04 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

පහරකෑමට ලක් වූ තරුණයා අයුතු බලපෑම් සිදුකළේ යැයි කියන මිනුවන්ගොඩ, ගනිහිමුල්ල, සමගි මාවතේ පදිංචිකාරියක් වන හේවා වසම් සනස්ගලගේ සන්ධ්‍යා කුමාරි, හේවාවසම් සනස්ගලගේ කුමුදු කුමාරි සහ හේවාවසම් සනස්ගලගේ නයෝමි දීපිකා යන ඥාති සහෝදර සැකකාරියන් තිදෙනාව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

තරුණයා පැහැරගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පැමිණිල්ල මෙහෙයවමින් උප පොලිස් පරීක්ෂක ජී. කේ. අබේරත්න මහතා අධිකරණය හමුවේ පැවසීය. පහරකෑමට ලක් වූ තරුණයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට අධිකරණයේදී සඳහන් විය.

රිමාන්ඩ් භාරයට පත් සැකකාරිය රැකියාව නිමවී නිවසට පැමිණෙමින් සිටියදී පහරකෑමට ලක් වූ තරුණයා අයුතු බලපෑම් සිදුකර ලිංගික අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැකකාරිය තරුණයා ගෙන් මිදි පලාගොස් ඇති බවත් එම අවස්ථාවේ සැකකාරිය තරුණයාව හඳුනාගෙන නොතිබූ බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. පසුව සැකකාරිය තම සැමියාට සිද්ධිය පවසා තිබේ. අනතුරුව සැමියා විසින් සිද්ධියට සම්බන්ධ තරුණයාව හඳුනාගෙන මෝටර් රථයකින් ඉකුත් 19 වෙනිදා දහවල් ගොස් තරුණයා නිවස අසල මාර්ගයේ සිටියදී පිහි දෙකක් බෙල්ලට තබා තර්ජනය කර පැහැරගෙන ගොස් ඔහු ඇඳ සිටි ටී ෂර්ට් එක ගලවා මුහුණ ආවරණය කර ඇති බවට

අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය. පැහැරගත් තරුණයා ප්‍රධාන සැකකරුගේ නිවසට රැගෙන ගොස් මුහුණු ආවරණය ඉවත් කර බිරිඳට තරුණයාව පෙන්වා තිබේ. කාන්තාව විසින් තරුණයාව හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි. ප්‍රධාන සැකකරු ඇතුළු පිරිස තරුණයාව එම නිවසේ කාමරයක් තුළට රැගෙන ගොස් අතින් පයින් සහ පොලු මුගුරුවලින් පහරදී තිබේ.

අනතුරුව සැකකරුවන් විසින් තරුණයාව නැවත මෝටර් රථයේ ඩිකියේ දමාගෙන තවත් නිවසකට රැගෙන ගොස් එම නිවසේ කාමරයක් තුළ දී සිගරැට් සහ ලයිටර් එකකින් දෑත් පුළුස්සා ඇස් සහ පුරුෂ ලිංගේන්ද්‍රියට මිරිස් කුඩු දැමූ බවට තරුණයා රෝහලේ සිට ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. පසුව එම කාමරයේ තිබූ මේසයක ලාච්චුවට පුරුෂ ලිංගය ඇතුළු කර වධදුන් බවත්, මේස ලාච්චුවේ සිටි ගෙම්බෙකු කටට දමා ගන්නා ලෙසට සැකකරුවන් බලකර සිටි අවස්ථාවේ එම ගෙම්බාව කට තුළට දමා ගෙන විනාඩි විස්සක පමණ කාලයක් සිටි බවත් සැකකරුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් බව පොලිසිය පැවසීය.

ප්‍රධාන සැකකරුගේ බිරිඳට යම් අසාධාරණයක් සිදු වී ඇති බවත්, එසේ වුවත් නීතිය අතටගෙන ක්‍රියා කිරීමට සාමාන්‍ය ජනතාවට ඉඩකඩ නොමැති බව අධිකරණයේ දී සඳහන් විය. මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උ.පො.ප. ජී. කේ. අබේරත්න මහතා පැමිණිල්ල මෙහෙය විය.

සැකකාරියන් වෙනුවෙන් නීතිඥ ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවාය. ලබන මස 4 වෙනිදාට නඩුව නැවත කැඳවීමට නියම කෙරුණි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බිරිඳට අයුතු බලපෑම් කළැයි තරුණයකු පැහැරගෙන ලිංගයට මිරිස් කුඩු දමා කටට ගෙම්බෙක් දමයි… Rating: 5 Reviewed By: webgossip24.com