728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 3, 2023

මට කොන්ඩෙ කපන්න ආසයි, ඒත් හරි කැමතියි කොන්ඩෙට අපේ තාත්තා


වර්ථමාන සංගීත ක්ශේෂ්ත්‍රයට පායපු අලුත් තරු එක්ක බලන විට ඇය ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඉහලින්ම ලබන කෙනෙක්. ඉතින් කාංචනා අනුරාධි කිව්වම ඇගේ රූපයට වඩා ගොඩක් දෙනෙක් ආදරය කරන්නේ කාංචනාගේ මිහිරි හඩටයි. නවක ගායිකාවන් අතරින් ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබන කාංචනා අනුරාධි ගයන ගීත ගණනාවක්ම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළදගත් ගීතයන්.

ප්‍රාසාංගික වේදිකාව තුල කාංචනාගේ ගායනයට වගේම අපූරු ඉදිරිපත් කිරීමත් එක්ක ඇයට ආදරය කරන රසිකයින් වැඩි වුණා. ඉතින් මේ වන විට ලංකාව පුරා වගේම ලෝකේ පුරාම විවිධ සංගීත ප්‍රසංග සදහා සහභාගි වෙනවා. ඉතින් කාංචනා ගායනා කරන ගීත විදියට රසිකයින් ආදරය කරපු ගීත කිහිපයක් මෙසේයි.

ආලේ මල්, කරකාර බදින්නට, නාදෙන්, උදුරාවි වැනි ගීත වලට ගොඩක් දෙනෙක් ආදරේ කරනවා. ඉතින් කාංචනා අනුරාධිගේ අනන්‍යතාවය තමයි ඇගේ කොන්ඩ විලාසිතාව. කාංචනා වගේම ඇගේ ආදරණීය රසිකයිනුත් ඇගේ කොන්ඩයට ආදරය කරනවා. ඉතින් ඇගේ කොන්ඩය ගැන කාංචනා කිව්වෙ මේ වගේ අදහස්.

” මම කොන්ඩෙට ආසයි. නමුත් කපන්නත් හිතෙනවා. අපේ අම්මගෙත් කොන්ඩෙ තිබුණා ඉස්සර. දැන් කපලා තියෙන්නේ. මම කොන්ඩෙ කපන්නැතුව ඉන්නේ තාත්තා කොන්ඩෙට කැමති නිසා.’’

මේ විදියටයි ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධි අදහස් දක්වලා තිබුණේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මට කොන්ඩෙ කපන්න ආසයි, ඒත් හරි කැමතියි කොන්ඩෙට අපේ තාත්තා Rating: 5 Reviewed By: webgossip24.com