728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 3, 2023

ඇය සතුව ව්‍යාපාර ,වාහන .ආභරණ තිබුනා - ඒත් අද අනුන්ට උදව්කරමින් පැවැදි වූ උත්පලවන්නා මෙහෙණිය

 


ඇය නමින් උත්පළවන්නා මෙහෙණියයි.සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබට උන්වහන්සේගේ දේශනා දකින්න අහන්න ලැබෙන්න ඇති.ගිහි කළ ධනවත් ව්‍යාපාරිකාවක් වුණු ඇය පැවිදි දිවියට ඇතුළත් වෙන්නෙ 2017 වසරේ දී යි.

ඇය පැවිදි දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව ඇගේ මළනුවන් ද උතුම් පැවිදි දිවියට ඇතුළත් වුණා.

අසරණ දරුවන් වෙනුවෙන් උතුම් සමාජ සත්කාරසිදුකරන උන්වහන්සේ නිරන්තරයෙන් ඔවුන් වෙනුවෙන් විවිධ දේ සංවිධානය ද සිදු කරනවා.උත්පළවන්නා මෙහෙණින් වහන්සේ මේ අතීත මතක සමාජ මාධ්‍යයේ මේ විදිහට හුවමාරු කරගෙන තිබුණා.

ඇය නමින් උත්පලවන්නා මෙහෙනියයි.මාතලේ හිටපු හොද ව්‍යාපාරික කාන්තාවක් ඇය සතුව විශාල හෝටලයක් තිබුනි.ඇයට සුඛෝපභෝගී වහන තිබුනි.ඇය සතුව ආභරණ විශාල ප්‍රමාණයක් තිබුණි.මේ සෑම දේත් සමග මීට කලකට පෙර ඇය මාවත සමාජ ජාලය සමග අත්වැල් බැදගෙන සමාජයට විශාල සේවයක් කරන ලදි.මීට මාස කිහිපයකට පෙර ඇය සතුව තිබූ හෝටලය ආරාමයක් බවට පත්කොට ඇය සතුව තිබූ යානවාහන ද අත් හරින ලදි.ඇය සතුව තිබූ ආභරණ සියල්ල විකුණා එම මුදල් මාවත සමාජ ජාලයට පරිත්‍යාග කර ඇය මේ සියල්ලෙහිම අනිත්‍ය තාවය අවබෝධ කරගෙ ඇය උතුම් පැවිදි දිවියට පා තබන ලදි.

වර්තමානයේ ඇය නමින් උත්පලවන්නා මෙහෙනින් වහන්සේගේ වෙයි.උන්වහන්සේ විසින් මාවත සමාජ ජාලයට පරිත්‍යාග කල මුදලින් මාතලේ දිස්ත්‍රික්කයේ ආවශ්‍යතා ඇති පවුලකට මාවත සමාජ ජාලය මගින් නිවසක් ඉදිකොට මාර්තු 8වන දින කාන්තා දිනයට සමගාමීව උත්පලවන්නා මෙහෙනින් වහන්සේගේ සුරතින් එම පවුලට බාර දෙන ලදි.






  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඇය සතුව ව්‍යාපාර ,වාහන .ආභරණ තිබුනා - ඒත් අද අනුන්ට උදව්කරමින් පැවැදි වූ උත්පලවන්නා මෙහෙණිය Rating: 5 Reviewed By: webgossip24.com