728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, March 6, 2023

මිලියන 38ක මුදල්ද සමගින් පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගිය හරක් කටා අත්අඩංගුවට

 


පාතාල ලෝකයේ නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා සහ තවත් පාතාල නායකයකු බව කියන සලිදු මල්ශිත ඇතුළු පාතාල ක්‍රියාකාරකයන් පස්දෙනකු මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව එරට වෙබ් අඩවියක් විසින් වාර්තා කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

මෙම පස් දෙනා සමඟ හරක්කටාගේ අනියම් බිරිඳ බවට පැවසෙන මැලේසියානු ජාතික කාන්තාවක් සහ ඇගේ පියා ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම නිල නොවන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

අත්අඩංගුවට පත්වූ පත්වූ මැලේසියානු ජාතික කාන්තාව ලඟ මිලියන 38ක මුදල් තොගයක් ද තිබී එරට පොලීසිය බාරයට ගෙන ඇති බව එම වෙබ් අඩවිය තව දුරටත් වාර්තා කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මොවුන්පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට පැමිණ හෝටලයක නවාතැන් ගෙන සිට පසුව වාහන දෙකකින් ගමන් කරමින් සිටියදී පොලීසියට කොටු වී ඇතැයිද එම නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම පාතාලයන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියහි අසත්‍යතාවය ගැන තහවුරු කර ගැනීමට මෙරට බුද්ධි අංශ සහ පාතාල මර්ධන කටයුතු මර්දන කටයුතුවල නිරතව සිටින විශේෂ පොලිස් කණ්ඩායම්තොරතුරු සොයා බලා ගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය




  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මිලියන 38ක මුදල්ද සමගින් පෞද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට ගිය හරක් කටා අත්අඩංගුවට Rating: 5 Reviewed By: webgossip24.com