728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 5, 2023

වසර 38ක රේල්ලුවේ සේවයට සමු දෙයි - සෑම නැවතුම් පොලකම කාර්යමණ්ලයන් වේදනාවෙන් සමුදෙයි



දුම්රිය රියදුරෙක් ලෙස වසර 38 ක් සේවය කළ  හික්කඩුව ලියනගේ සිරිල් සුගතදාස මහතා ඊයේ (4) දා විශ්‍රාම ලැබූ අතර අවසන් වරට දුම්රිය ධාවනය පෙර ඔහු දුම්රියට වැඳ නමස්කාර කළේය.

බදුල්ල  ප්‍රධාන ස්ථානාධිපති තිවංග වැලිගම මහතා ප්‍රමුඛ බදුල්ල දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය.  සිරිල් මහතා අවසන් වරට දුම්රිය එන්ජින් මැදිරියට ගොඩවන විට  දුකබරව  බලාසිටියහ .

ඊට පෙර ඔවුන් අතට අත දී සුවබර විශ්‍රාමික දිවියකට සුබ පැතූහ.මෙදින ඔහුගේ ගමන්වාර බදුල්ල සිට බන්ඩාරවෙල දක්වා විය .

එය බදුල්ලසිට මහ නුවර බලායන්  මගී මැදිරි කීපයක්ද සහිත භාණ්ඩ ප්‍රවාහණ දුම්රියයි

හාලිඇල , උඩුවර , දෙමෝදර ඇල්ල , බණ්ඩාරවෙල දුම්රිය ස්ථානවලදී එම කාර්යමණ්ලයන් මල් කළඹ හා තෑගි පිරිනමා සෙනෙහසින් සුභ පැතීම දුලබ දුර්ශනයක් විය .

වසර 38 ක සේවා කාලයතුළ වසර 23 ක්ම සේවය කළේ උඩරට දුම්රිය මාර්ගයේ බවත් ඇතමුන් උඩරට දුම්රිය මගේ දුම්රිය ධාවනයට ප්‍රියතාවයක් නොදක්වන නමුත් තමා ඉතා ආශාවෙන් උඩරට දුම්රිය ධාවනය සිදුකළ අතර  යාපනය දක්වා උතුරු දුම්රිය මාර්ගයේද කලක් සේවයකළ බව  පැවසීය


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වසර 38ක රේල්ලුවේ සේවයට සමු දෙයි - සෑම නැවතුම් පොලකම කාර්යමණ්ලයන් වේදනාවෙන් සමුදෙයි Rating: 5 Reviewed By: webgossip24.com