728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, May 1, 2023

දරු සම්පත් නැති අයට විශේෂ පණිවිඩයක්.. දුර්වලතා දුරකර ඇඟට අමුතු ජවයක් ගන්න කසායක්..


 යුග දිවියට පිවිසි නව යුවළකගේ පළමු ප්‍රාර්ථනය වන්නේ දරු සම්පතකි. නමුත් ඇතැම් විවාහකයනට එම දරු සම්පත පමාවන අවස්ථා වර්තමානයේ බොහෝදුරට දකින්නට ලැබේ.

එසේම ඇතැම් විවාහකයනට ලැබෙන දරු සම්පත් නිරෝගී නැත. අංගවිකල හා බුද්ධිය අඩු දරුවන් බිහි වේ.

මෙලෙස කාන්තාවනට දරුඵල ප්‍රමාදවීමට සහ රෝගී දරුවන් බිහිවීමට බලපාන හේතු රැසක් ඇත.

මෙම හේතු රැසකටම බලපාන ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔසප්වීම නිසි අයුරින් සිදු නොවීමය.

ඔසප්වීම දරු ගැබක් දරන ස්ත්‍රියක් සහ ආර්ථව හරණයට ලක් වූ කාන්තාවක හැර අනෙක් සියලුම ස්ත්‍රීන්ට මාසයක් පාසා ශ්ලේමය සවිකොටස් සහිත රක්ත ශ්‍රාවයක් පිට විය යුතුය.

එය දින 3 – 4 ක් අතර කාලයක් ගර්භාෂයෙන් පිටවිය යුතුය. මෙය රජ හෙවත් ඔසප් ලෙස හඳුන්වයි. නීරෝගී කාන්තාවකගේ මෙය නිර්ගන්ධය.වේදනා රහිතය. කිසිම උපද්‍රවයක් නැත.

මනාව වැඩුණු ශරීරයක් ඇති යුවතියකගේ වැඩිවියට පැමිණි දින සිට ක්‍රමානුකූලව මාසික රජ ශ්‍රාවය පවතී.

කාන්තාවකට බහුලව පවතින රෝග ඔසප් කාලයේ උදර වේදනා, හිසරදය හා ශරීරය පුරාම වේදනාව, වමනය හා මළබද්ධය, පියයුරු වේදනාව හා ගෙඩිහට ගැනීම, මුහුණේ කුරුලෑ ඇතිවීම, යටිබඩ කොරවීම හා වේදනාව, තුනටිය හා කලවා වේදනාව, ඔසප් ඇතිවීම, සිරුරේ ඇතිවන වේදනාව, අධික නිදිමත බව, ඔසප් වීමේදී රක්ත ප්‍රමාණය හා රක්ත පිටවන දින ගණන අධික වීම, තරහා යෑම, ක්ලාන්තය, කැරකිල්ල ඇතිවීම, ඇඟ උණුකරවා යෑම හෙවත් ස්වේත ප්‍රදරය, ඔසප් හරි හැටි සිදුනොවීමය.

මෙවැනි රෝග හමුවේදී බොහෝ දෙනා පවසන්නේ එය විවාහ වූ පසු හරියාවි යැයි කියා ය. එහෙත් එය වැරදි මතයකි.

මෙම රෝග සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ඒවා සුවකර ගත යුතුය. එසේ නොවීමෙන් යුග දිවියට පිවිසි පසු දරු සම්පත් පමාවීමට බලපායි.

දරු සම්පතක් සඳහා ස්ත්‍රියකගේ නිරෝගී ස්ත්‍රී බීජත් (ඩිම්බ) සහ පුරුෂයකුගේ නීරෝගී පුරුෂ බීජත් (ශුක්‍රානු) අවශ්‍ය වේ. බොහෝ විට දරුඵල පමාවීමට කාන්තාවන්ගේ දුර්වලතා බලපානු ලබයි.

එබැවින් කාන්තාවක තමාගේ ඔසප්වීම අක්‍රමවත් ව සිදුවේ නම් ඒ සඳහා වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

විවාහයෙන් පසු දරුඵල පමාවේ නම් එම විවාහක යුවළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමේදී පළමුව දෙදෙනාම ඊට යොමුවිය යුතුය.

එහිදී දුර්වලතාවය ඇත්තේ කාගේ දැයි කියා නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කළ හැකිය.

මේ සඳහා ආයුර්වේදයේ සහ දේශීය ප්‍රතිකාර ක්‍රමයේ බොහෝ ඖෂධ වර්ග ඇත.

මතුව ඇති දුර්වලතාවය නිසි ප්‍රතිකාර මගින් සුවපත් කර නීරෝගී දරු සම්පතක් ලබා ගැනීමට හැකියාව උදාකර ගත හැකිය.

ඒ සඳහා සකස් කළ කසාය වර්ග, විශේෂ වට්ටෝරුවලට අනුව සැකසූ ඖෂධ වර්ග පවතී. ඒවා නිසි වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීමෙන් මතුව ඇති දුර්වලතා දුරකර ගත හැකිය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: දරු සම්පත් නැති අයට විශේෂ පණිවිඩයක්.. දුර්වලතා දුරකර ඇඟට අමුතු ජවයක් ගන්න කසායක්.. Rating: 5 Reviewed By: webgossip24.com