728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, May 1, 2023

ගෙදර යනවා කිව්වත් උදේ බලද්දිත් මිතුරාගේ ගෙදර - එකට කා බී මිතුරාගේ වෘෂණ කෝෂයක් කපලා


 බෙංගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ එක් වෘෂණ කෝෂයක් කපා දැමීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි.

මෙසේ බරපතල තුවාල ලබා ඇත්තේ බෙංගමුව,දාබෝගල පාර පදිංචි සිටීන 53 හැවිරිදි අවිවාහක පුද්ගලයකු බවට පොලීසිය පවසයි.

තුවාලකරු නිවස ආසන්නයේ නිවසක තවත් පිරිසක් සමග මත්පැන් පානය කර ඇති බවත් මත්පැන් පානය කර නිවසට යන බවට පවසා පිටත්ව ගොස් ඇත.

මත්පැන් පානය කළ නිවසේ පුද්ගලයන් පසුදින උදේ නැගිට දොර විවෘත කිරීමේදී නිවසට යන බවට පවසා ගිය පුද්ගලයා සිහි මුර්ඡාව නිවසේ ඉදිරිපස වැටී සිටී බවට නිවෙස් හිමියා පොලීසියට පවසා ඇත.

පසුව නිවෙස් හිමියා තුවාලකරුගේ ඥාතීන් දැනුවත් කර 1990 සුවසැරිය ගිලන්රථයට දැනුම් දී තුවාලකරු ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ගෙදර යනවා කිව්වත් උදේ බලද්දිත් මිතුරාගේ ගෙදර - එකට කා බී මිතුරාගේ වෘෂණ කෝෂයක් කපලා Rating: 5 Reviewed By: webgossip24.com