728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, May 2, 2023

අද දහවල් 01.51ට සිකුරු මිථුන රාශියට - ඔබේ ලග්නයට සුබද? අසුබද?


 කුම්භ, වෘෂභ, සිංහ සහ වෘශ්චික ලග්න හතරට 'සස යෝගය' උදා කරවමින් සිකුරු ග්‍රහයා ලබන අඟහරුවාදා (02) දහවල් 01.51ට මිථුන රාශියට පැමිණෙයි. මැයි මාසයේ 30 වැනි දින රාත්‍රි 7.40ට කටක රාශි ගත වන තුරු සිකුරු ග්‍රහයා මිථුන රාශියේ ගත කරයි.

මංගල කටයුතු ප්‍රමාද වූ අයට යහපත් ප්‍රතිඵල ලැබේ. පුද්ගල සබඳතා උසස් වීම් විජයග්‍රහණවලට මහජනතාවට වැඩිපුර මුහුණ දීමට සිදු වනු ඇත. අඟහරු සිකුරු සංයෝගය නිසා අසම්මත, අනියම් සබඳතා සහ ක්‍රියාකාරකම් බහුල වන අතර මහජනතාව ඒ ගැන බුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයකි.

සිකුරු මිථුන රාශි ගත වීම එක් එක් ලග්නවලට බලපාන්නේ මෙසේය.

මේෂ - රැකියා උසස් වීම්

රවි උච්චව ලග්නගත වීමද රවි බුධ ආධිත්‍ය යෝග බල මෙන්ම අයස්ථානගත සස යෝග බලයද හේතුකොට ගෙන ජන්මියා සතු සාරධර්මතාව මත බොහෝ දුරට ශුභවාදී බවක් ගෙන දෙනු ලබයි. රාජ්‍ය ආයතන - සංස්ථා ආශ්‍රිත රැකියා උසස් වීම්, නිලතල, නම්බු නාම ලැබීම ආදියට මෙන්ම ධන සම්පත් ගලා එන ප්‍රියමනාප කාල පරාසයකි. අවබෝධ ඥානයෙන් බොහෝ දුරට අහිතකර බලවේග දුරස් වනු ඇත. වැය පස අධික වෙයි. හිස - පපුව - උරහිස් ආශ්‍රිතව සෞඛ්‍යය පිරිහී යාමට පෙරනිමිති පහළ වෙයි.

වෘෂභ - නොසිතූ ධන ලාභ

හිස - මුහුණ - උරහිස් - පාද ආශ්‍රිතව රෝගාබාධ නිර්මාණය විය හැක. එසේම තැන්පත් දේපළ වස්තුව අනියම් අයුරින් වැය වන කාල පරාසයකි. උසස් වීම් - විජයග්‍රහණ - ධන ලාභාදිය නොසිතූ පරිදි ළඟා වෙනු පෙනී යන්නේය. අධ්‍යාපනය - ලාභ ප්‍රයෝජන - අතපසුවූ කාර්යභාරයන් බොහෝ දුරට සාර්ථක වී ක්‍රියාත්මක වෙයි. පදිංචියෙහි වෙනස්කම්ද අවාසි අලාභ ද උදාවිය හැකි බැවින් බුද්ධිය සඳහා මුල් තැන දීම සතුටුදායක වෙයි.

මිථුන - රවී උච්චයෙන් දියුණුවට මඟ

පදිංචි නිවහන - භූමිය සහ ආශ්‍රිත උදවිය පිළිබඳව අවධාරණය වැදගත් කොට සලකණු ලබයි. අභිමානනීය ජීවන ගමන්මඟ බොළඳ ළාමක පටු සිතැඟියාවන්ගෙන් දුර්වල බවක් උදා කෙරෙනු ඇත. දිගු කාලීනව සිත සහ සිතිවිලි අතර ගැටුම්කාරී බව උතුරා යන චිත්තවේග ආරෝපණය විය හැක. ආදායම් මාර්ග කෙරෙහි මෙන්ම 11 වැන්නෙහි රවිගේ උච්චය දියුණුවට මාර්ගයකි. කුජ ශුක්‍ර ලග්න ගත වීම රස කාමය සිත, ගත පුරා උතුරා යාමෙකි. හිස - උරහිස - දණහිසේ - කොන්ද තුනටිය ආශ්‍රිතව රෝගාබාධ කෙරෙහි විමසිලිමත් වන්න.

කටක - නොසන්සුන් තත්ත්වයක්

වීර්ය වික්‍රමය මන්දගාමී කෙරෙන චිත්තවේග උපදියි. රැකියා ආදායම් මාර්ග කෙරෙහි නොසිතු බාධක මාරක උද්ගත විය හැකිය. නිතරම සිතැඟියාවන් රසකාමය ආශ්‍රිත වෙන්නෙකි. සබඳතා - මංගල කටයුතු - යුග දිවියෙහි රසාස්වාදය දෙගුණ තෙගුණ කෙරේ. පවුලේ සාමය සමගි සාමදානය කෙරෙහි වරින්වර යම් යම් නොසන්සුන් ගති විද්‍යාමාන කෙරෙයි. දුර්ජනයන් සහ අනිසි උදවිය නිසා නින්දා පරිබවයට තුඩු දිය හැක.

සිංහ - අභියෝග මතින් ජයග්‍රහණය

ධනය, දේපළ, වස්තු ආශ්‍රිතව මෙන්ම දියුණුව ආශ්‍රිතව හැළහැප්පිලි ඇතිවිය හැකි බැවින් දූරදර්ශීව බුද්ධිමත්ව කාලය ගත කළ යුතු වෙයි. තිර කරවු සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක කෙරෙයි. යුග දිවිය සබඳතා - විවාහ කටයුතු ආශ්‍රිතව තෘප්තිමත් බවක් උදා වනු ඇත. මුහුණ - උරහිස - යටිබඩ - කොන්ද - තුනටිය - පාද ආශ්‍රිතව රෝගාබාධ බවක් කඩින්කඩ හට ගැනීමට තුඩු දෙනු ඇත. අවදානම් බව නොසලකා හරිමින් අභියෝග පරදුවට තබා විජයග්‍රහණ කෙරෙහි යොමු වෙයි.

කන්‍යා - ආදායම් මාර්ගවලට බාධා

රැකියා ව්‍යාපාරික ක්ෂේත්‍රයෙහි කුජ ශුක්‍ර සංයෝගය මත ද ආදායම් මාර්ග ආශ්‍රිතව ද ප්‍රබල වූ ගැටුම්කාරී බවක් නිතර උත්සන්න වෙයි. මුහුණ - හිස - උදරය - කොන්ද - තුනටිය - දනහිස - පාද ආශ්‍රිතව වේදනාව දැවිල්ල දෙගුණ තෙගුණ කෙරෙනු ඇත. අනපේක්ෂිත සොර සතුරු බලවේග මතු කෙරෙයි. පදිංචියට රාජ භය හෝ සත්ත්ව භය ළඟා කෙරෙයි. ඥාති හිතෛෂීන් කලකිරෙයි. රැකියා ආදායම් මාර්ග කෙරෙහි එදිරිවාදිකම් ගෙන දෙයි. ආගම දහමට ද නැඹුරුව කාලය ගත කරලීම යහපත් වේ.

තුලා - දූ දරුවන්ගේ අධ්‍යාපනය දියුණුවට

දූ දරුවන්ගේ අධ්‍යාපනික මෙන්ම රැකියා ආදායම් මාර්ග කටයුතු සාර්ථක කෙරෙයි. රස කාමයට ලොල් වීම ශාරීරික ආබාධ කෙරෙහි බලපානු පෙනෙයි. නිතර මන්දගාමී බවකට මානසික තත්ත්වය පාත්‍ර කෙරෙයි. සබඳතා - යුගදිවිය - විවාහ මංගල කටයුතු ආශ්‍රිත කරුණු කාරණා සාර්ථක කෙරෙයි - රැකියා ආදායම් මාර්ග කටයුතු සාර්ථක බවට පත් කෙරේ. පදිංචියෙහි හැළහැප්පීම් මතු කෙරෙයි. හිස - පපුව - යටිබඩ - වකුගඩු - කොන්ද තුනටිය - පාද ආශ්‍රිතව රෝගාබාධ මතු කෙරෙයි.

වෘශ්චික - උත්සාහය උනන්දුවට බාධා

සමාරම්භක කටයුතු කෙරෙහි මන්දගාමී බවක් ද රසකාමය මූලික කොටගත් පිරිහීම් සහ ආබාධ ගති මතු කෙරෙයි. සොර සතුරු බලවේග මතු කරයි. රැකියා ආදායම් මාර්ග කෙරෙහි ද සතුටුදායක බවක් විද්‍යමාන කෙරෙයි. උත්සාහය උනන්දුව කෙරෙහි බාධක පමුණුවමින් නීති අලංකාරය ප්‍රීතිය සතුට කෙරෙහි බලපෑම් යෙදෙයි. පදිංචි නිවාසය - භූමිය ආශ්‍රිතව දියුණුව අඩපණ කෙරෙයි. අතිරේක ආදායම් මාර්ග කෙරෙහි සුවිශේෂී හිතකර බවක් මතු කරයි. උරහිස් - උදරය - යටිබඩ - කොන්ද - තුනටිය - හෘදය ආශ්‍රිතව රිදීම් වේදනා මතු කෙරෙනු ඇත.

ධනු - දැනුම අවබෝධයට සිත වෙහෙසෙයි

අධ්‍යාපනික මෙන්ම දැනුම අවබෝධය කෙරෙහි නිතර සිත වෙහෙසවයි. නිර්මාණශීලී කාර්යභාරයන් කෙරෙහි දැඩි මෙහෙයුමකින් ක්‍රියාත්මක වෙයි. රැකියා ආදායම් මාර්ග කෙරෙහි නිතර සිත යොමු කෙරෙනු ඇත. උත්සාහය උනන්දුව දෙගුණ තෙගුණ කෙරෙයි. රසකාමි සිතැඟියාවන් උද්දීපනය කෙරෙයි. මානසික අධිවේගී මෙහෙයුමකට නිතර සිතෙයි. බුද්ධිමත්ව කල්පනාකාරීව සිත මෙහෙයවමින් සියලු සිතැඟියාවන්හි අභියෝග වර්ධනය කොටගෙන සාර්ථක බවක් ගෙන දේ.

මකර - අතිරේක ලැබීම්

නිර්මාණශීලී නව ගමන්මඟකට ප්‍රවේශ වීමට සිතන ඔබ හට රැකියා, ආදායම් මාර්ග, අතිරේක ලැබීම් ද වඩ වඩා ශුභවාදී වෙයි. බාධක අවහිර මැඬගෙන ඉදිරියටම යයි. නව ආදායම් මාර්ග සාර්ථක කරගනු ලබයි. හිස - උරහිස් - පපුව - යටිබඩ - කොන්ද තුනටි - දණහිස් ආශ්‍රිත වූ ආබාධ වරින්වර මතු විය හැක. පදිංචි ස්ථානය පදිංචි භූමිය ආශ්‍රිතව තෘප්තිමත් බවක් විද්‍යමාන වෙයි.

කුම්භ - සස යෝග බලය ක්‍රියාත්මකයි

දහසක් බාධක මැඬලමින් සස යෝග බලය ක්‍රියාත්මක වෙයි. රැකියා ආදායම් මාර්ග ද දිගුකාලීන ශුභවාදී වූ සිතැඟියාවන් ද ප්‍රාණවත් කෙරෙයි. අරමුණු රැසක්ම මුදුන්පත් වෙයි. රැකියා ආදායම් මාර්ග සාර්ථකත්වයට පාත්‍ර කර ගනු ලබයි.දූදරු ප්‍රශ්න මෙන්ම පසුගිය අරමුණු රැසක් ක්‍රියාත්මක කෙරෙයි. සමාජශීලී සියලුම කාර්යභාරයන් සතුටු සිතෙන් නිමාවට පත් කෙරෙයි. භාග්‍යය - වාසනාව දිනෙන් දින දෙගුණ තෙගුණ කෙරෙයි. උරහිස් - උදරය - කොන්ද - තුනටිය - පාද ආශ්‍රිත රෝග මතු කෙරෙයි.

මීන - නව ආදායම් මාර්ග

තැන්පත් ධනය දේපළ වස්තුව රැස් කෙරෙයි. පදිංචිය ආශ්‍රිතව නවතාවක සිරි උසුලයි. උදරාබාධ ඇතුළුව සාමාන්‍ය රෝගාබාධ මතුවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. ආගම දහමට නැඹුරු වෙයි. පෞද්ගලික ව්‍යාපාරික සේවා නවීකරණය කෙරෙයි. සිතැඟියාවන් බොහෝ දුරට සාර්ථක කෙරෙයි. නව ආදායම් මාර් මතු කෙරෙයි. උත්සාහය - උනන්දුව දෙගුණ තෙගුණ කෙරෙයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අද දහවල් 01.51ට සිකුරු මිථුන රාශියට - ඔබේ ලග්නයට සුබද? අසුබද? Rating: 5 Reviewed By: webgossip24.com