728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, March 6, 2023

මල්කාන්ති අක්කට නාකි ගෑනි කියලා බැනලා මම එයාව බදාගෙන සොරි කිව්වා


 පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිලිය සමානයට පාත්‍ර වුණු ඇය සුරූපිනී රංගන ශිල්පිනී දුෂේනි මියුරංගි. ඇය රංගනයෙන් දායක වෙන මේ දිනවල රසික ආදරය ඉහලින්ම ලබා ගන්න ටෙලිනාට්‍යයක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යය. ඉතින් මෙම ටෙලිනාට්‍යයේ දිවිත්ව චරිත රංගනයකින් ප්‍රේක්ෂක ආලින්දයට ආපු දුෂේනි රංගනය කලේ බන්ටි සහ සරණි විදියටයි.

එකිනෙකට වෙනස්ම වුණු චරිතයන් දෙකක් රංගනය කිරීම ඇය මුහුණ දුන් ලොකු අභියෝගයක්. නමුත් දුෂේනිගේ සැබෑ ජීවිතයට සමීප චරිතය තමයි සරණි කියන්නේ. ඉතින් ආයසයකින් තොරව ඇයට එම චරිතය රංගනය කල හැකි වුවත් ඇයට යමක් කරන්න ලැබුණු චරිතයක් තමයි බන්ටි කියන චරිතය.

ඉතින් දුෂේනි මියුරංගිගේ පෙම්වතා විදියට රංගනය කරන උද්ධික ප්‍රේමරත්නගෙන් ඇයට ලැබෙන්නේ ලොකු සහයෝගයක්. ඒ වගේම සමාජයේ පවතින පොදු ගැටලුවක් වෙන නැන්දම්මා සහ ලේලි ගැටුම ගැන මෙම ටෙලිනාට්‍යයේ මේ වන විට කතා බහට ලක්වෙනවා. ඉතින් ඒ නිසාම මේ ටෙලිනාට්‍යය මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රියයි. ඇගේ නැන්දම්මා විදියට රංගනය කරන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් වන මල්කාන්ති ජයසිංහ මහත්මියගෙන් ලැබුණු සහයෝගය ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට ඇගෙන් ලොකු සහයක් ලැබෙනවා. ඒ වගේම මම මල්කාන්ති අක්කගෙන් අහගන්නවා. එයා මට කියලා දෙනවා කොහොමද සැරට කියන්නෙ කියලා. එක තැනක මට තියෙනවා මල්කාන්ති අක්කට නාකි ගෑණි කියන්න. මම කීප සැරයක්ම ඇහුවා අක්කගෙන් කියන්නද එපාද කියලා. ඊට පස්සේ ඒක කියලා මම එයාව බදාගෙන සොරි කිව්වා.”

මේ විදියටයි දුෂේනි මියුරංගි අදහස් දක්වලා තිබුණේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මල්කාන්ති අක්කට නාකි ගෑනි කියලා බැනලා මම එයාව බදාගෙන සොරි කිව්වා Rating: 5 Reviewed By: webgossip24.com