728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, March 5, 2023

රන් ගඩොලක් රුපියල් දාහයි වියදම කෝටි 5යි - දකුණු ආසියාවේ විශාලතම සමාධි බුදු පිළිමය


බියගම නව නුවර පාරේ පිහිටා තිබෙන බියගම ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථානයේ රුපියල් කෝටි පහක පමණ මුදලක් වැය කොට ඉදි කිරීමට යෝජිත  දකුණු ආසියාවේ විශාලතම සමාධි බුදු පිළිම වහන්සේගේ පිළිමය නෙළීම සදහා  රන් ගඩොල් ඇතිරීම හා එම භුමියේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීම අද (5දා) පෙරවරුවේ යෙදුණු  සුභ මොහොතින් සිදු කරන ලදී.

මෙම  පුණෝත්සවය  කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක නවගමුව ශ්‍රී සුගත බිම්බාරාමාධිපති මල්වානේ පඤ්ඤාසාර මාහිමියන්ගේ පුධානත්වයෙන් පවත්වනු ලැබුහ. 

මේ වනවිට රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැය කොට එම  සමාධි බුදු පිළිම වහන්සේගේ පද්මාසනයේ වැඩ කටයුතු අවසන් කර තිබෙන අතර මේ සමාධි බුදු පිළිම වහන්සේගේ උස අඩි 123 ක් පමණ වේ. 



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රන් ගඩොලක් රුපියල් දාහයි වියදම කෝටි 5යි - දකුණු ආසියාවේ විශාලතම සමාධි බුදු පිළිමය Rating: 5 Reviewed By: webgossip24.com