728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, May 4, 2023

සමාවෙන්න තවත් කලාකරුවෙක්ගේ ඉල්ලිම ආදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා - හරි අපූරුවට දියණිය ගැයූ ගීතය නදීර ඉවත් කරයි

 


කණ්ඩායම් සංගීතය තුළ ඔක්ටපෑඩයෙන් බොහෝ දෙනෙකුට මතක හිටින චරිතයක් බවට පත් වූ ඔහු ඊට සමුදී ගායකයෙක් බවට පත් වුණා. දැන් හැමෝටම ඔක්ටපෑඩ් වාදකයා අමතක වෙලා. ඒ ගායනය නිසාය. 

ඔහු නමින් නදීර නෝනිස්. කණ්ඩායම් සංගීතය තුළ දැකගන්න බැරි වුණත්, ඔහුගේ ජනප්‍රියත්වය නම් අඩු වෙලා නැහැ. නමුත් පසුගිය පසුගිය මේ කියන්න යන්නේ අද දවසේ ඔහුට වෙච්ච සිදුවීමක් සම්බන්දවයි.

අලුත් අවුරුදු දිනය වෙනුවෙන් හිරු ටීවී විසින් සංවිධානය කල වැඩසටහනකදී ඔවුන් දෙදෙනා ගායනා කළ ගායන ශිල්පී රජීව් සෙබෙස්තියන්ගේ එරබදු මල් පිපිලා ගීතය සමාජ ජාලා පුරාජනප්‍රිය වුණා වගේම නදීරගේ දියණියගේ ගායන හැකියාව ගැනත් හැමෝම කතාබහ කළා.

සමාජ ජාලා පුරා ජනප්‍රිය වුණු නදීර සහ ඔහුගේ දියණිය හිරු තරු සිඟිති අවුරුදු සාජ්ජේදී ගායනා කළ මේ ගීතය ගායන ශිල්පී රජීව් සෙබෙස්තියන් සමාජ ජාලාවලින් ඉවත් කරන ලෙස නදීර නෝනිස්ගෙන් ඉල්ලීමක් කරලා තිබුනා.

එම ඉල්ලීමට ගරු කොට තමා සහ දියණිය ගැයූ ඒ ගීතය නදීර සමාජ මාධ්‍යවලින් ඉවත් කළා.

මේ සම්බන්ධයෙන් නදීර ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරලා තිබුනා. රජීව් සෙබෙස්තියන්ගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ ජාලාවල බොහෝ පිරිස් සිය විරෝධය පළ කර තිබුනා.

ඒ අතර ෆ්ලෑශ්බෑක් සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක නිරෝෂන් සංජීව ද අපූරු ප්‍රතිචාරයක් පළ කරලා තිබුනේ මෙහෙමයි...

"එයා ක්ලැරන්ස්ගෙ කියපූ ඔක්කොම සිංදු අයින් කරලද තියෙන්නෙ youtube එකෙන් ?
ලමයෙක්ගෙ tallent එකක් අගය කරන්නවත් දන්නෙ නැද්ද ?"

පහත දැක්වෙන්නේ නදී‍ර පළ කළ ඒ සටහනයි.

"මම දුවත් එක්ක අවුරුදු වැඩසටහනේ ගායනා කල ගීතය youtube වලින් අයින් කරන්න කියලා එහි අයිතිය තියෙන රජිව් සෙබස්තියන් මහත්මා ඉල්ලා සිටියා කලා කරුවෙකු විදියට තවත් කලාකරුවකුගේ ඉල්ලීම මා කැමැත්තෙන් සහා ඉතාමත් අදරයෙන් ගවුරවයෙන් පිලිගන්න අතර එම වීඩියෝව yotube එකෙන් මේ මොහොතේ අයින් කරනවා..සිදුවූ අපහසු තාවයට සමාවෙන්න කලාකරුවානනි Rajiv Sebastian"


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සමාවෙන්න තවත් කලාකරුවෙක්ගේ ඉල්ලිම ආදරයෙන් ගෞරවයෙන් පිලිගන්නවා - හරි අපූරුවට දියණිය ගැයූ ගීතය නදීර ඉවත් කරයි Rating: 5 Reviewed By: webgossip24.com