728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, May 3, 2023

පාසල් නිම වී ගිය සිසුන් දෙදෙනා සහ රියදුරුගේ ජීවිත බිලිගත් මාතර අනාරක්ෂිත දුම්රිය ගේට්ටු අනතුර

 


වැලිගම  පැලෑන පෝර ගබඩා දුම්රිය හරස් මාර්ගයේ  පිහිටි අනාරක්ෂිත දුම්රිය ගෙට්ටුවකින්  ගමන් කරමින් තිබු ත්‍රීරෝද රථයක්  දුම්රියක ගැටීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් කල  තිදෙනෙකු  ජීවිතක්ෂයට පත්ව තවත්  දෙදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි .

 පාසල නිමවි සිසුන් තිදෛනකු සිය මව සමඟ ඥාතියෙකු  පැදවු ත්‍රිරෝද රථයකින් නිවස බලා ගමන් කරමින් සිටියදි  දහවල් 2.10ට පමණ මාතර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබු දුම්රියේ ගැටිමෙන් සිදු වු මෙම අනතුරින් ත්‍රීරෝද රථය පැදවු 32 හැවිරිදි ඥාතියා එම ස්ථානයේදිත් තුවල ලබා සිටි සිසුන්  තිදෙනා අතරින් පොල්වතුමෝදර මහ විද්‍යාලයේ 4වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නම(09) හැවිරිදි පිනිදු පැහැසර සිසුවා මාතර මහා රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වු බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

අනතුරින්  තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුලත් කරනු ලැබු අනෙක් සිසුන් දෙදෙනා අතුරින් සත්(07) හැවිරිදි වියේ පසුවු විනිදු සත්සර  සිසුවාගේ තත්වය බරපත විම හේතුවෙන් කරාපිටිය මහා රෝහලට මාරු කර යැවු බවත් 13 හැවිරිදි අනෙක් සිසුවා මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව මාතර මහා රෝහල ප්‍රකාශ කර සිටි.

මෙම අනතුරට මුහුණ දුන් පාසල් සිසුන් තිදෙනා වැලිගම පැලෑන  මෝදර වත්ත ප්‍රදේශයේ පදිංචි  අය වන අතර  අනතුරින් සිසුවන්ගේ මව සුළු තුවලා ලබා ඇති බව පොලීසිය සඳහන් කර සිටි.

මෙම දුම්රිය හරස් මාර්ගයේ පිහිටි ගෙට්ටුවේ ස්ථාපිත කොට ඇති දුම්රියක් පැමිණිමේදි නාද වන නලාව සහා  ආලෝක සංඥ පද්ධතිය දුම්රියක් නොපැමිණෙන අවස්ථා වලදිද එක දිගටම නාද ⁣විම මාස ගණනාවක් සිට සිදු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට අවස්ථා ගණනවාකදි ඒ පිලිබද පැමිණිලි කලද එයට නිසි විසදුමක් ලබා නොදිම තුලින් මෙම අනතුර සිදු වු බව ප්‍රදේශවාසින් පවසා සිටි.

 මාතර සිට ගාල්ල දක්වා පවතින ඇතැම් දුම්රිය හරස් මාර්ග වල ගෙට්ටු වල ආලෝක සංඥා පද්ධති නිසි පරිදි ක්‍රියා නොකරන බවට අවස්ථා ගණනාවකිද  ආදාල බලධාරින්ට පෙන්වා දිම සිදු කල ඇති බවද  එය බීර අලින්ට විණා වැනිමක් වි ඇති බවට ප්‍රදේශවාසින් කියයි.

මෙම අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි








ජායාරූප සමාජ මාධ්‍ය තුලින්


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පාසල් නිම වී ගිය සිසුන් දෙදෙනා සහ රියදුරුගේ ජීවිත බිලිගත් මාතර අනාරක්ෂිත දුම්රිය ගේට්ටු අනතුර Rating: 5 Reviewed By: webgossip24.com