728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, March 4, 2023

වට්ස්අප් මගින් සමරිසි පහසට ලොල් වූ ක්‍රිකට් පාලක සභාපතිට වැලන්ටයින් එකට අවන්හලේදී කොල්ලො දෙන්නෙක් දුන්න ස්‍රපයිස් එක


ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති 70 හැවිරිදි ආනන්ද (ආනා) පුංචිහේවා සමග අවන් හලකට ආ වයස 22 තරුණයින් දෙන්නෙකු දේපළ කොල්ල කා පළායාමේ සිද්ධියක් හා ඔවුන් අල්ලාගැනීම සමග 70 හැවිරිදි ආනා මහතා එම  තරුණයින් හා පැවැත්වූ සම්බන්ධතා ගැන අධිකරණයේදී අනාවරණයක් සිදුවිය.

ආනා මහතාගේ දෑත් සහ හිස ඇඳ ඇතිරිල්ලකින් ගැට ගසා මෙම සොරකම සිදු කර ඇති බවත් කොල්ල කන ලද දේපළ ලක්ෂ 8 ක් පමණ වටිනා ඒවා බවත් පැමිණිලි කර තිබුණි.

මොවුන් දෙදෙනා විසින් ඉකුත් පෙබරවාරි මස 15 වැනි දින ආනා පුංචිහේවා සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදලක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් සහ එම වර්ගයේ අත්ඔරලෝසුවක් මෙලෙස කොල්ල කා අනතුරුව ඔවුන් හිටපු ක්‍රිකට් සභාපතිට දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ කොල්ලකන ලද භාණ්ඩ දුරකථනය සහ ඔරලෝසුව යළි ලබාදීමට නම් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාදෙන ලෙසයි.

එම මුදල් රැගෙන බොරැල්ල සුසාන භූමිය අසලට පැමිණි කොල්ලකරුවන් දෙදෙනා මුදල් ගැනීමට සූදානම් වෙද්දී  පොලිස් නිලධාරීන්  ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ කොළඹ 05 පදිංචි ආනන්ද ගමින්දි ගාර්දිගේ පුංචිහේවා මහතාය. පැමිණිලිකරු මෙහි පළමු සැකකරු බොරැල්ලේ දී දැන හඳුනාගෙන කාලයක් තිස්සේ දුරකතනයෙන් සම්බන්ධතා පවත්වා ඇති බවත් පසුව ඔවුන් දෙදෙනා තේ පානය සඳහා ඉකුත් 15 වැනිදා බොරැල්ලේ අවන්හලකට ගොස් ඇති බවත් බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

එහිදී දෙදෙනා කතාබස් කරමින් සිට ඇති අතර දුරකතනය මගින් දැනුම දී දෙවැනි සැකකරු ද එම ස්ථානයට ගෙන්වා ගෙන ඇති බවත්, පසුව පළමු සැකකරු “වැලන්ටයින් එකට තෑග්ගක් දෙන්න තියෙනවා" 

යැයි පවසා පැමිණිලි කරුගේ මුහුණ සහ දෑත් ඇතිරිල්ලකින් ගැට ගසා ඇති බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.පසුව සැකකරුවන් පැමිණිලිකරුගේ රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනාකමකින් යුත් ඇපල් වර්ගයේ දුරකතනය, රුපියල් ලක්ෂ තුනකට ආසනන් වටිනාකමකින් යුත් ඇපල් වර්ගයේ ඔරලෝසුවක් සහ මුදලින් රුපියල් ලක්ෂ 2ක් බලෙන් ලබාගෙන ඇතැයි පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

පසුව කළ විමර්ශන වල දී සැකකරුවන් අනාවරණය කරගෙන අත්අඩංගුවට ගත් බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.පැමිණිලිකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ කීර්ති රණසිංහ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම සැකකරුවන් මීට ඉහත දී ද තම සේවාදායකයාගෙන් දිගින් දිගටම කප්පම් ඉල්ලමින් සිටි බවත් මෙම සිද්ධියට අදාළව සැකකරුවන් බලෙන් ලබාගත් භාණ්ඩ තමන්ට නැවත ලබා දෙන ලෙසට සඳහන් කළ පසු ඔවුන් ඊට එකඟ වූ බවත්ය.

මෙහි පළමු සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ රසික සංජිව බමුණුහෙන්දර මහතා සඳහන් කර

සිටියේ පැමිණිලිකරු වයස අවුරුදු 70ක් වන පුද්ගලයකු වන අතර සැකකරුවන් වයස අවුරුදු විසි දෙකක පමණ අයවලුන් බවත් තම සේවාදායකයා සහ අනෙක් සැකකරු යන දෙදෙනාම කාලයක් පුරා පැමිණිලිකරු සමග වට්ස්අප් ගිණුමකින් දැන හඳුනාගෙන සමීප ඇසුරක් පවත්වා ඇති බවත්ය. 

මෙම පැමිණිලිකරු එම සමීප ඇසුරේ දී සැකකරුවන්ට ලබාදුන් තෑගි සහ මුදල් ඇසුර නවතා දැමූ පසු ඉල්ලා සිටිමින් ඔවුන්ට කරදර කර ඇති අතර පසුව එය ලබා දීමට බොරැල්ල කනත්ත ළඟට පැමිණෙන ලෙසට දැනුම් දී පොලීසියට කොටුකර දුන් බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.එසේම සැකකරු සඳහන් කරන අන්දමට මෙය එක දිනයේ සිදුවූවක් නොව කාලයක් පුරා සිදුවූ දෙයක් බව ද නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන්ට ඇප නියම කරමින් සිද්ධියට අදාළ නඩුව ලබන මැයි මස 15 වැනිදා තෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය කල් තැබුවාය.

මෙලෙස ඇප මත මුදාහැරුණේ පර්ගියුෂන් පාර කොළඹ 15 පදිංචි තඹවිට ගුරුන්නාන්සේලාගේ කසුන් ලක්ෂාන් සහ නිදහස් මාවත කොළඹ 15 පදිංචි ප්‍රබෝධ සඳකැලුම් කොඩිතුවක්කු යන වයස 22 තරුණයින් දෙදෙනාය

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වට්ස්අප් මගින් සමරිසි පහසට ලොල් වූ ක්‍රිකට් පාලක සභාපතිට වැලන්ටයින් එකට අවන්හලේදී කොල්ලො දෙන්නෙක් දුන්න ස්‍රපයිස් එක Rating: 5 Reviewed By: webgossip24.com