728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, March 3, 2023

අදත් කාන්තාවක් අම්බලන්තොට වලවේ ගගේ පාලමෙන් පනියි - ජායාරූප


අම්බලන්තොට වලවේ ගගේ පාලමෙන් කිඹුලන් ගහන  ගඟට පැන්න කතක බෝට්ටුකරුවකු බේරාගෙන ඇතැයි  අම්බලන්තොට පොලීසිය කියයි.

වලවේ ගඟේ පාලම මතින් ගඟට පැන්නා කාන්තාව ගඟේ දිය මතුපිට මීටර් දෙසීයක් පමණ පිහිනා ගිය බව රැස්ව සිටි පිරිස් පවසති.

එම අවස්ථාවේ ගඟ හරහා යාත්‍රා කළ  ඔරුවකින් කාන්තාව සිටින ස්ථානයට පැමිණ ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගොඩබිමට රැගෙන ආ බව කාන්තාව බේරාගත් ගමගේ සේනක මහතා කියයි.

ඇය බේරා ගැනීමට ආධාරක කිහිපයක් ලබා දුන්නත් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කළ බව බෝට්ටුවේ සිටි අය පවසති.

කාන්තාව ගඟට පැන්නා ස්තානය මිනී කන කිඹුල්ලු ගහන ස්ථානයක් බව ප්‍රදේශවාසීහු පවසති . ගඟට පැන දිවි බේරුණු කාන්තාව අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බව ප්‍රදේශවාසීහු කියති.

කාන්තාව ගඟට පැන්න හේතුව මෙතෙක් අනාවරණය කර නොමැත ගොඩට ගත් කාන්තාව අම්බලන්තොට රජයේ රෝහලට ඇතුළත් කර ඇත.






  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අදත් කාන්තාවක් අම්බලන්තොට වලවේ ගගේ පාලමෙන් පනියි - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com