728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, June 6, 2023

ගොඩ දෙනෙක් කියපු හිතපු අනාවැකි හරි - උඩදියලු‍ම දී වනඅලි ප්‍රහාරයෙන් මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ්


පසුගිය මැයි මස 11 වැනිදා පස්වරුවේ කොස්ලන්ද දියලු‍ම දිය ඇල්ලේ උඩදියලු‍ම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ රාත්‍රිය ගත කරන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි වල්අලියකු පහරදීමෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ තරුණයාගේ පෙම්වතිය මියගොස් තිබිණී. එහිදී තුවාල ලැබූ පෙම්වතා වූ රිමාන්ඩ්භාරයට පත් තරුණයාද රෝහල් ගතකර ප්‍රතිකාර කරනු ලැබීය. 

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පෙම්වතා ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් කොස්ලන්ද පොලීසිය විසින් ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

ඔහු වන අලි ප්‍රහාරය වන අවස්ථාවේදී දිව සැඟවී තිබෙන බව මුලික විමර්ශන මගින්‌ අනාවරණය වී තිබේ. මෙම 'අනාවරණයත්‌ සමග අත්‌අඩංගුවට ගත්‌ 'පෙම්වතා බණ්වාරවෙල මහෙස්තාත්‌ අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමෙන්‌ පසු ලබන 08 වැනිදා තෙක්‌ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම පෙම් යුවළ මැයි 11 වැනිදා කොස්ලන්ද, උඩ දියඵම ප්‍රදේශයට පැමිණ මග පෙන්වන්නන්ගේ අවවාද නොසලකා හැර අනාරක්ෂිත ස්ථානයක කඳවුරු බැඳ තිබේ. එම අවස්ථාවේදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව තිබිණි. 

ප්‍රහාරයෙන්‌ තරුෂී කවීෂා නමැති මාතර, කැකණදුර පදිංචි 23 හැවිරිදි පෙම්වතිය මියගිය අතර ඇයගේ පෙම්වතා වූ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ධනුෂ්ක මධූෂාන්‌ කළුආඵරච්චි තුවාල ලබා රෝහල්‌ ගත කෙරුණි.

මෙම සිද්ධියට අඳාළව කොස්ලන්ද පොලිසිය විසින්‌ ඔවුන්ට මග පෙන්වූ තරුණියන්‌ දෙදෙනෙකු අත්‌අඩංගුවට ගනු ලැබීය. පසුව පෙම්වතා සම්බන්ධයෙන්‌ දීර්ඝ විමර්ශනයක්‌ සිදුකර තිබිණි, ඒ බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධීකාරි ප්‍රදිප්‌ කළුපහණගේ අධීක්ෂණය යටතේය.

උඩදියලු‍ම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියගේ පෙම්වතා මේ ආකාරයට මේ මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් කරුපයියා ජීවරාණි මහත්මිය නියෝග කළාය. 

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලීසීයේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. ඩී. වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි කොස්ලන්ද පොලිසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.






  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ගොඩ දෙනෙක් කියපු හිතපු අනාවැකි හරි - උඩදියලු‍ම දී වනඅලි ප්‍රහාරයෙන් මියගිය තරුණියගේ පෙම්වතා රිමාන්ඩ් Rating: 5 Reviewed By: webgossip24.com