728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 2, 2023

මඟුල් ගෙදර ගිය පොලිස් සැරයන් නද වෙන්න බීලා ජීප් එකෙන් ගස් නැගලා කුඹුරේ දොයි

 


ගලෙන්බිඳුණුවැව කැකිරාව මාර්ගයේ ගමන් ගත්  කැබ්රථයක් යකල්ල  මෙගොඩවැව දහසයේ කනුව ප්‍රදේශයේදී  මාර්ගයෙන් ඉවතට  පැන  අද(02) අලුයම කුඹුරු යායකට පෙරලී ගොස් ඇතැයි පොලිසිය පවසයි.

හබරණ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රථවාහන අංශයේ සේවයේ නියුතු සැරෙන් වරයකු විසින් බීමත්ව පදවන ලදැයි පැවසෙන මෙම කැබ් රථය අද (02) අලුයම දෙකට පමණ  මාර්ගයෙන් ඉවතට පැමිණ රියැදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ හැලඹ ගසක වැදී කුඹුරු යායට පෙරළී තිබේ. එහිදී ගස දෙකට කැඩී ගොස් තිබිණි.

පෙරේදා (01) ‍ රාත්‍රීයේ ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී අළුයම නැවත ආපසු හබරණට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් ඒ මොහොතේ කැබ් රථයේ රියදුරු ලෙස අදාල සැරයන්වරයා පමණක් සිට ඇති බවත් පොලිසිය පවසයි.

අනතුරෙන් රියදුරුට කිසිදු හානියක් සිදු නොවී ඇති බවත් කැබ් රථයට පමණක් බරපතල හානි සිදුව ඇති බවත් පවසන පොලිසිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව ද කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුනුවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයරත්න දිසානායක මහතා ඇතුළු නිලධාරීන් ඉදිරි පරීක්ෂණ සිදු කරති.



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මඟුල් ගෙදර ගිය පොලිස් සැරයන් නද වෙන්න බීලා ජීප් එකෙන් ගස් නැගලා කුඹුරේ දොයි Rating: 5 Reviewed By: webgossip24.com