728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 2, 2023

බයික් එකෙන් වැඩ දාද්දි දුන්න අවවාද නිරිස්සු තරුණයින්ටත් වැඩේ හරි - පොලිසියෙන් පරීක්ෂණ


අනතුරුදායක ලෙස මාර්ගයේ යතුරුපැදි ධාවනයේ යෙදෙන තරුණයන් නිසා අහිමිවී ගිය ජීවිත පිළිබඳව පවා පසුගිය සමයේ පුවත් වාර්තා විය.ඇතැම්විට දරුණු ගැටුම් පවා ඇතිවූ අවස්ථා වාර්තාවී තිබුණි.මීට සති කිහිපයකට පෙර වැලිපැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය ගියේ මාර්ගයේ අනතුරුදායක ලෙස යතුරුපැදි පදින පාසල් සිසුන් තිදෙනකුට අවවාද කිරීමට ගොස් ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් පසුවය.

එමෙන්ම රාත්‍රියේ ගාලු පාරේ තරගයට යතුරුපැදි ධාවනය කරමින් සිටි තරුණයකුගේ යතුරුපැදියේ ගැටී දැරියන් දෙදෙනකු මිය ගොස් ගැබිනි කාන්තාවක් බරපතළ තුවාල ලැබීමේ සිද්ධියක් වාර්තාවූයේ මොරටුව එගොඩඋයන ප්‍රදේශයෙනි.මෙවන් පසුබිමක අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කරන තරුණයින් පිරිසකගේ රූප රාමු පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

එහි දැක්වෙන්නේ ඔවුන්ට එසේ නොකරන ලෙස අවවාද කරන පුද්ගලයින්ට තර්ජනය කරන අයුරුය.අනතුරුදායක ලෙස යතුරුපැදිය ධාවනය කරන තරුණයෙක් පසුපසින් පැමිණි මෝටර් රථයක ගැටීමට යාමේදී එය එහි රියදුරු විසින් පාලනය කරනු ලබයි.අනතුරුව යතුරුපැදිකරු සහ ඔහුගේ මිතුරන් කණ්ඩායම අදාළ මෝටර් රථයේ රියදුරුට තර්ජනය කරමින් බැනවැදී තිබුණි.

මේ අතර තවත් වීඩියෝවක, අනතුරුදායක ලෙස යතුරුපැදියක් ධාවනය කළ නව යොවුන් වියේ පසුවන තරුණයන් දෙදෙනෙකුට ගම්වාසීන් අවවාද කරන අයුරු දැක්වෙයි.මෙහි විශේෂත්වය වන්නේ යතුරුපැදියේ අංක තහඩුව ගලවා පසුපැදිකරු අතෙහි තබාගෙන සිටීමය.එමෙන්ම ඔහු ගම්වාසීන්ට තර්ජනාත්මක ස්වරයෙන් අභියෝග කරන අයුරු දැක්වෙයි.

මෙවන් පුද්ගලයින්ට එරෙහිව පොලීසිය වහාම නෛතික ක්‍රියාමාර්ග ගන්න බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා අවධාරණය කරයි.ඒ මෙවන් සිද්ධියක් තවත් ජීවිතයක් අහිමිවීම දක්වා දුරදිග යාමේ පැහැදිලි අවදානමක් පවතින හේතුවෙනි.මේ පිලිබදව කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කල ඇති බවට ඒ මහතා තවදුරටත් සදහන් කළා.සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය එම වීඩියෝව පහතින් නරඹන්න 


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: බයික් එකෙන් වැඩ දාද්දි දුන්න අවවාද නිරිස්සු තරුණයින්ටත් වැඩේ හරි - පොලිසියෙන් පරීක්ෂණ Rating: 5 Reviewed By: webgossip24.com