728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 2, 2023

ඩොලරයට,යුරෝවට ගෙවන රුපියල් ගණන තවත් අඩු වෙයි - පැයෙන් පැයට ඩොලරයට වෙන දේ මෙන්න


ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් දහවල්  කාලයේ මිල රු. 343.97 ක් ලෙසත් විකුණුම් මිල රු. 356.73 ක් ලෙසත් සටහන්ව තිබේ.ඊයේ (01) දිනයේ දී ඩොලරයක් ගැනුම් මිල රු. 351.72 ක් ලෙසත් විකුණුම් මිල රු. 362.95 ක් ලෙසත් වාර්තා විය.මෙය ඉතිරි සතිය තුල විශාල ලෙස තවත් අඩු විය හැකි බව ආර්ථික විද්වතුන් පවසයි.ඒ අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමක් වී තිබේ.

ජෝන් හොප්කිංස් විශ්වවිදයාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි මහතා සතිපතා ගණනය කරන උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ගොස් තිබේ.

පසුගිය 23 දායින් අවසන් වූ සතිය වෙනුවෙන් ඔහු ගණනය කළ උද්ධමන දර්ශකයට අනුව ලංකාව ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතරින්  16 වැනි ස්ථානය දක්වා පහළට ගොස් තිබේ.

ඊට පෙරාතුව ඔහු නිකුත් කළ වාර්තාවේ ශ්‍රී ලංකාව ඉහළම උද්ධමනයක් ඇති රටවල්අතර 13 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර තිබුණි. ඊටත් පෙරාතුව  7 වැනි ස්ථානයේ පසුවිය.

කලක් ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට බවට ලංකාව පත්ව තිබූ අතර ලෝකයේම ඉහළම උද්ධමනයක් ඇති රටවල් අතර දෙවැනි ස්ථානයටද  ලංකාව ශේණිගත කර තිබුණි. ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙස තවදුරටත් පෙරමුණේ පසු වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයි.

මේ වන විට ශ්‍රී ලංකාව අභිභවමින් ආසියාවේ රටවල් වන ලෙබනනය (03), සිරියාව (04), ඉරානය (05), ලාඹ්සය (13), පාකිස්තානය (14), මියන්මාරය (15) ඉහළම උද්ධමනයක් ඇති රටවල් 21 අතරට එක්ව සිටියි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඩොලරයට,යුරෝවට ගෙවන රුපියල් ගණන තවත් අඩු වෙයි - පැයෙන් පැයට ඩොලරයට වෙන දේ මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com