728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, March 2, 2023

පුතාට සින්දු කියන්න නොදුන්නාට දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන සංචාරක දුම්රිය ව්‍යාපෘතිය නවතයි


 දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන සංචාරක දුම්රිය ව්‍යාපෘතියක් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නතර කර ඇති බව දුම්රිය නගාසිටුවීමේ සංගමය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පෙන්වා දෙන්නේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්‍රයාට දෙසැම්බර් 31වැනි දා රූපවාහිනී සංගීත ප්‍රසංගයේ දී ගායනා කිරීමට ඉඩ නොදීමෙන් නොදීම හේතුවෙන් එය තහනම් කරන ලදැයි සැකයක් ඇතිවී තිබෙන බවයි. ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක් වන චමුදිත මහතා සමග පැවැතු සාකච්ඡාවකදීය.

ලංකාවේ වටිනාම ඉඩම් ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට බවත් කොමිස් මුදල් බලාපොරොත්තුවෙන් කුණු කොල්ලයට ඒවා ලබා දී ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අද හිඟා කන තත්ත්වයට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරන ලද්දේ ලලිතසිරි ගුණරුවන් විසින් බවත් සැහැල්ලු දුම්රිය ශ්‍රී ලංකාවට අහිමි කළේ ඔහු විසින් බවත් හෙතෙම තවදුරටත් කියා සිටී.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පුතාට සින්දු කියන්න නොදුන්නාට දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන සංචාරක දුම්රිය ව්‍යාපෘතිය නවතයි Rating: 5 Reviewed By: webgossip24.com