728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, February 27, 2023

ජාජබ විරෝධයේදී තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට

 


ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිස එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද පෙරවරුවේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) නමැති පුද්ගලයකු වන අතර ඔහු නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකි.

මැතිවරණය කල් දැමීමට විරෝධය පළ පළ කරමින් ජාතික ජන බලවේගය ඊයේ පස්වරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කරනු ලැබූ අතර මද වේලාවක දී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කෙරිණි.

මෙහිදී පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ජාජබ විරෝධයේදී තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට Rating: 5 Reviewed By: webgossip24.com