728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 15, 2023

රියදුරා නිදි අතරේ බස්රිය අරගෙන පෙම්වතියගේ නිවසට ගිය කොන්දොස්තර වුනු ඇබැද්දිය


 රඹුක්කන ඩිපෝවට අයත් බස් රථයක් හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රී ගාල් කර, රියැදුරු පිටව ගිය පසු එහි කොන්දොස්තරවරයා පෙම්වතිය බැලීමට කිලෝ මීටර් 9ක පමණ දුරක් බස් රථය පදවාගෙන ගොස් ආපසු එන අතරතුරදී අනතුරට පත් වී තිබේ.

අනතුරින් පසු බස් රථය හතරලියද්ද බස් නැවතුම දක්වා පදවාගෙන පැමිණ තිබෙන කොන්දොස්තරවරයා කිසිවක් සිදු නොවූ ආකාරයෙන් එය ගාල් කර පිටව ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වීමෙන් පසු පොලලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අදාළ බස් රථය රඹුක්කන හතරලියද්ද මාර්ගයේ ධාවනය වන බස් රථයකි.

එය හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රී නවතා තබා ඇත්තේ පසුදින අලුයම 5.30ට නැවත රඹුක්කන බලා ගමන් වාරය ආරම්භ කිරීම සඳහා ය.

රියැදුරුගේ නිවස ඒ ආසන්නයේ ම පිහිටා තිබීම නිසා ඔහු බස් රථය ගාල් කිරීමෙන් පසු දිනපතා නිවසා බලා ගිය ද කොන්දොස්තර බස් රථයේ ම රැඳී සිටින බව පොලිසිය පවසයි.

ඉකුත් දිනක රාත්‍රී කාලයේ බස් රථය පණ ගන්වා ගෙන කොන්දොස්තරවරයා කැබැල්ලවත්ත නමැති ප්‍රදේශයට ගොස් පෙම්වතිය හමු වී ආපසු එමින් සිටියදී බස් රථය අනතුරට පත් වී ඇත.

පසුව ඒ බව කිසිවෙකුට හෝ නොදන්වා ඔහු නැවත බස් රථය තිබූ ස්ථානයේ ම ගාල් කර තිබේ.

කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු රාත්‍රි කාලයේ බස් රථය පණ ගන්වා ගෙන කැබැල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට ගොස් පෙම්වතිය හමු වී ඇති බව පිළිගෙන ඇත.

හතරලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.පී.එස්. නානායක්කාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රියදුරා නිදි අතරේ බස්රිය අරගෙන පෙම්වතියගේ නිවසට ගිය කොන්දොස්තර වුනු ඇබැද්දිය Rating: 5 Reviewed By: webgossip24.com