728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, February 2, 2023

ජන්දෙට කලින් සජබ මහ නගර සභාවක් අතට ගනියි - නව නගරාධිපතිවරයකු තෝරා පත්කර ගනියි


 කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තනතුර සඳහා සුදුස්සකු පත්කර ගැනීමට අද (2) පවත්වන ලද ජන්ද විවිමසීමකදී සමගි ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත්වූ සුමේධ අරුණශාන්ත මහතා වැඩි ජන්ද 4 කින් ජයග්‍රහණය කළේය.

නව නගරාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පවත්වන ලද ජන්දය සඳහා සුමේධ අරුණශාන්ත මහතා සමඟ විපක්ෂයම නියෝජනය කළ කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂනායක විජයානන්ද වෙඩිසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වුවද ඔහුට ලැබී තිබුණේ ජන්ද 6 ක් පමණී. 

සුමේධ අරුණශාන්ත මහතාට ජන්ද 10 ලැබුණි. සුමේධ අරුණශාන්ත මහතා කුරුණෑගල මහ නගර සභාවට පත්වූ 17 වැනි නගරාධිපතිවරයාවේ.

වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයකු වන සුමේධ අරුණශාන්ත මහතා කුරුණෑගල ලක්දාස් ද මෙල් විදුහලේ සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. පනස් දෙහැවිරිදි ඒ මහතා දෙදරු පියෙකි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ජන්දෙට කලින් සජබ මහ නගර සභාවක් අතට ගනියි - නව නගරාධිපතිවරයකු තෝරා පත්කර ගනියි Rating: 5 Reviewed By: webgossip24.com