728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 1, 2023

අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහලට - නව මිල ගණන් මෙන්න


 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400කි.ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග 04ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව වියලි මිරිස්, ලොකු ලූණු, රතු කැකුළු (දේශීය), පාන් පිටි යන භාණ්ඩ වර්ගවල මිල මෙලෙස පහළදමා තිබේ.වියලි මිරිස් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1675කි.

එසේම ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 165කි.මේ අතර රතු කැකුළු (දේශීය) කිලෝ එකක මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 169කි.පාන් පිටි කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 230කි.



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහලට - නව මිල ගණන් මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com