728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 22, 2023

සනත් නිශාන්තගේ කට හඬ පරික්ෂණයකට යොමු කරයි


 රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මාධ්‍ය හමුවේ අධිකරණයට අපහාස වන ආකාරයෙන් සිදු කළ ප්‍රකාශයේ නිරවද්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ කටහඩ සාම්පලයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හසිනි ඕපාත මහත්මිය අද අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ වන විටත් පසුගිය අගෝස්තු 28 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී සිදු කළ ප්‍රකාශයට අදාල හඩ පට රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බැවින් ඔහුගේ හඩ සාම්පල ලබාගැනීමට නීතිපතිවරයා සිදු කරන ඉල්ලීම සම්බන්ධයෙන් තමන් දැඩි විරුද්ධත්වය පළ කරන බව සනත් නිශාන්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුසතාෆා මහතා විනිසුරු මඩුල්ලට පෙන්වා දී ඇති බව සඳහන්.

ඒ අනුව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සිදු කළ ඉල්ලීම සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල නඩුව මාර්තු 28 වනදා යලි කැඳවීමට නියෝග කර තිබෙනවා.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සනත් නිශාන්තගේ කට හඬ පරික්ෂණයකට යොමු කරයි Rating: 5 Reviewed By: webgossip24.com