Thursday 10, Jul 2025

728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 15, 2023

Unknown මහජන බැංකුව තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයි - පිරවුම් හල් වලට තෙල් ලබා ගැනීම අර්බූදයක්


ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන පිරවුම්හල්වල බෙදාහරින්නන් විසින් මහජන බැංකුවේ තැන්පත් කර ඇති මුදල් ගිණුම්ගත කිරීම අත්හිටුවීම හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමය පවසයි.

මුදල් ගෙවුවද බෙදුම්කරුවන්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්, මේ තත්ත්වය පිළිබඳව මහජන බැංකුවේ සභාපතිවරයා සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලන අධිකාරිය දැනුවත් කර විසඳුම් සෙවීමට කටයුතු කරමින් සිටින බවත් එම සංගමය පවසයි.

මහජන බැංකුවේ ගිණුම්වලට මුදල් තැන්පත් කරන බෙදාහරින්නන්ට ඉන්ධන නිකුත් නොකරන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සබරගමුව ප්‍රාදේශීය කළමනාකාරවරයා බෙදාහරින්නන්ට දන්වා ඇතැයිද බෙදාහරින්නන් පවසනවා.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මහජන බැංකුව තෙල් සංස්ථාවේ ගිණුම අත්හිටුවයි - පිරවුම් හල් වලට තෙල් ලබා ගැනීම අර්බූදයක් Rating: 5 Reviewed By: webgossip24.com