728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, February 16, 2023

හෙල්මට් නැතිව ඇවිත් පී.සීටත් කනට ගහලා


 ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් කාන්තාවක නතර කළ ජාඇළ පොලිස් රථවාහන නිලධාරියාට එම කාන්තාව කනට පහරක් දී යතුරු පැදියද දමා පැනගොස් ඇතැයි ජාඇළ පොලිසිය කියයි.

ජාඇල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් පොළක් අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙම සිද්ධියට මුහුණ පා ඇත.

මම පොලිසියට බය නැති ගැහැනියක් යැයි කියා පොලිස් කොස්තාපල්වරයාගේ කනට පහරක් ගසා ඇත්තේ ඇය නතර කර ගත් අවස්ථාවේ දී යැයි පොලීසිය කියයි

කාන්තාව විසින් අතහැර දමා ගිය යතුරුපැදිය පොලිස් බාරයට ගෙන ඇත.

එම කාන්තාව සීදුව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් බවට තොරතුරු හෙළි කර ගත් පොලිසිය  අය සොයා ගිය අවස්ථාවේ එම කාන්තාව කිසියම් රෝගී තත්ත්වයකට කාලයක් තිස්සේ සිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා  බවට නිවසේ සිටි අය පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇතැයි කියති.

ජාඇල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: හෙල්මට් නැතිව ඇවිත් පී.සීටත් කනට ගහලා Rating: 5 Reviewed By: webgossip24.com