728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, February 13, 2023

පොලිසියට තාම හොයාගන්න බැරි වුන විනිසුරු සිරකර මෝටර් රථය සොරාගත් හොරා කරපු අපූරු දේ


කුලියාපිටිය අතිරේක දිසා විනිසුරුවරයා ගේ රුපියල් ලක්ෂ හැටක් වටිනා සුඛෝප භෝගී මෝටර් රථය පැහැරගෙන ගිය පුද්ගලයා  දිසා විනිසුරුවරයාගේ ජංගම දුරකථනයට කතා කර මෝටර් රථය ලබාදීමට රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

ඔබ තුමන් මහේස්ත්‍රාත්වරයෙක්  බව  මම දැනගත්තේ අද පත්තරවල වලින් ඒ  වෙන තෙක් ඒ බවක් මම දැන සිටියේ නැහැ. අනේ සර් මට සමාවෙන්න නැති බැරිකමටයි මම මේ වැඩේ කළේ. මට ලක්ෂ පහක් දෙන්න මම කාර් එක දෙන්නම් යැයි කියා අඩංගුවට ගැනීමට හොයන සැකකරු පවසා ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

සැකකරු කළේ යැයි කියන මෙම ප්‍රකාශයට අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රතිචාර දැක්වීමට ගොස් නැතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

අතිරේක දිසා විනිසුරුවරයා මේ බව පොලීසියට දැනුම් දී ඇත.කුලියාපිටිය මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතා ගේ මෝටර් රථය කොල්ල කෑ පුද්ගලයා දුරකථන ඇමතුම් ලබාදී ඇත්තේ  කාන්තාවකගේ නමට ලබාගත් සිම් පතකින් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

වර්ෂ 1960 න් උපන් එම නම හිමි  හැඳුනුම්පත අයත් කාන්තාව සොයා පරීක්ෂණ පැවැත්වීමේදී ඇය මීට වසර කිහිපයකට ඉහත දී මියගොස් ඇති බවත් ඇයගේ පුතු  දෙහිවල ප්‍රදේශයේ අයෙකු වන තදින් මත් කුඩුවලට ඇබ්බැහි වූවෙකු බව ද පොලිසිය කියයි.

ඔහුගේන් මවගේ හැඳුනුම්පත පිළිබඳ විමසීමේදී   මීට වසර කිහිපයකට පෙර දී   නැති වූ බව  පැවසී යැයි  පොලිස් නිලධාරියා කීය.

මහේස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය කොල්ල කෑ දින එනම්  (11) දින  කොල්ලකරු එම දුරකථන අංකයෙන් ඇමතුම් එකොළහක් විවිධ පුද්ගලයන්ට ලබා ගෙන ඇති බවද එම සියළුම පුද්ගලයන් ප්‍රසිද්ධ වෙබ් අඩවියක වෙළඳ දැන්වීම් පළ කළ අය බව ද  පොලිසිය කියයි

ඒ අතර බහුතරයක් පුද්ගලයන් උසස් වර්ගයේ ජංගම දුරකථන අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කළ අය බව ද සෙසු අය නිවාස කුලී පදනම මත ලබාදීම සඳහා හා විදේශ මුදල් අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කළ අය බව ද පොලිසිය සඳහන් කරයි

ඒ අනුව සැකකරු වත්තල ප්‍රදේශයේ කාන්තාවන් සතුව තිබූ ඩොලර් මිලදී ගැනීම සඳහා ගොස් ඒවා පරික්ෂා කිරීම සඳහා ඉල්ලීමේදී එම කාන්තාවට සැක සිතී එක් ඩොලර් නෝට්ටුවක් පමණ එම පුද්ගලයා අතට පත් කර ඇති අතර ඔහු සියලුම ඩොලර් නෝට්ටු ඉල්ලා ඇති අතර ඒවා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟම සැකකරු එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බවද  විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනෙක් දුරකථන වලට කතාකර  එම භාණ්ඩවල  ඒ ගැන විමසා ඇතැයි ද විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. 

පිලියන්දල පොලිසියට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පොලිසියට තාම හොයාගන්න බැරි වුන විනිසුරු සිරකර මෝටර් රථය සොරාගත් හොරා කරපු අපූරු දේ Rating: 5 Reviewed By: webgossip24.com