728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, February 20, 2023

ඔව් මගේ කට වැරදුනා - කොන්දේසි විරහිත සමාව ගනිමින් නිදහස් වූ සේපාල කිව්ව දේ


 බෞද්ධ ජනතාවට හිරිහැර කරමින් ශ්‍රී දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව අයදින බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල අමරසිංහ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (21) ප්‍රකාශ කළේය.

ඒ අනුව නඩු විභාගය අවසන් කිරීමට අධිකරණය තීරණය කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

සේපාල අමරසිංහ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියේ තම සේවාදායකයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගෙන් සහ මෙරට සියලුම බෞද්ධ ජනතාවගෙන් කොන්දේසි විරහිතව සමාව ගන්නා බවයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් ප්‍රකාශ කළේ සැකකරු කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින්නේ නම් පමණක් මෙම සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට තමන් එකඟ වන බවයි.

මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සේපාල් අමරසිංහ මහතා පැමිණිලිකාර බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයේ පූජ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන්ද සමාව අයැද සිටියේය.

ඒ අනුව නඩුව අවසන් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු නඩුවෙන් නිදහස් කළේය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ඔව් මගේ කට වැරදුනා - කොන්දේසි විරහිත සමාව ගනිමින් නිදහස් වූ සේපාල කිව්ව දේ Rating: 5 Reviewed By: webgossip24.com