728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, February 19, 2023

ශ්‍රී පාද බස් අනතුරෙන් අහිමි වූ ජිවිත ගණන ඉහලට -


 නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වී සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) උදැසන ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරින් විසින් සොයාගෙන තිබේ.

මෙසේ සොයාගෙන ඇත්තේ, හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිලාන් කෞෂල්‍ය නැමති 33 හැවිරිදි පුද්ගලයෙකි.

බස් රථ අනතුරෙන් 26දෙනෙකු තුවාල ලබා තරුණියන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව සිටි අතර, එම බස් රථයේ පැමිණි එක් අයෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වුණි.

ඒ අනුව අද උදෑසන යුද හමුදා භට පිරිස් සහ පොලීසිය එක්ව බස් රථය පරීක්ෂා කිරීමේ දී අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර හමුව තිබේ.

පිරිස ශ්‍රීපාදස්ථානය වන්දනා කර නැවත ගම් බිම් බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

යුද හමුදාවේ සහ පොලිසියේ කණ්ඩායම් තුවාලකරුවන් ගොඩට ගෙන ආ අතර කළුවර තත්වය නිසා රෝගීන් ගොඩට ගෙන ඒමට ඔවුනට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව වාර්තා වේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර නෝර්වුඩ් පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.












  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: ශ්‍රී පාද බස් අනතුරෙන් අහිමි වූ ජිවිත ගණන ඉහලට - Rating: 5 Reviewed By: webgossip24.com