728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, February 20, 2023

සුනඛයන්ට හරි අපලකාලයක් මේක - පවුලේ ආරවුලකට මැදි වූ ගෙදර සුරතලා


 දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අලුබෝමුල්ල මහබෙල්ලන කොස්ගහ වත්ත ප්‍රදේශයේ නිවසකට ගිනි තැබූ පිය පුතු දෙපලක් එම නිවසේ සුරතලයට ඇති දැඩි කළ සුනඛයාද ගින්න මතට විසි කර මරා දමා ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි.

එම ගිනි තැබීමෙන් මුළුතැන්ගෙයි පිඟන් කෝප්ප කි හිපයක් හැරෙන්නට අනිත් සියලුම දේපල විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 ඒ අතර මෙවර  අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත එම නිවසේ පදිංචි දැරියකගේ සියලුම පොත් පත් ගින්නට හසුව විනාශ වී ඇත.

නිවසට ගිනි තිබූ තැබූ බව කියන ත්‍රීරෝද රථ රියදුරන් වන පිය පුතු දෙපළ මේ වන විට වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි 

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාගෙන් පුතු මෙම නිවසේ පදිංචි තරුණිය සමඟ විවාහ වි සිට ඇති අතර වසරකට ඉහතදී පවුල් ආරවුලක් හේතුවෙන් වෙන්වී ඇතැයි පොලිසිය කියයි.
 
මේ වන විට දික්කසාද නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග පවසයි

ගින්නට හසුව විනාශ වූ නිවසේ තරුණිය ඇය විවාහ වීමට සිටින තරුණයා සමග යතුරුපැදියෙන් පෙරේදා දහවල් ගමන් කිරීමේදී    සැකකාර පිය පුතු දෙපළ හු හඬ දි සමච්චල් කර ඇති බවට තරුණියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

තවද සැකකාර පිය පුතු දෙපළ ත්‍රී රෝද රථ වලින් පසු පස හඹා පැමිණ යතුරු පැදිය එ හප්පා අනතුරට ලක්කල බව එම තරුණිය ප්‍රකාශ කර ඇත.

එම සිද්ධියෙන් අනතුරුව  අත්අඩංගුවේ පසුවන සැකකාර පිය පුතු දෙපලට පිරිසක් විසින් අලුබෝමුල්ල ප්‍රදේශයේ දී පහර දුන් බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් කර අධිකරණ වෛද්‍ය පෝරම රැගෙන රෝහල් ගතවන බවට පවසා පිටව ගොස් ඉදිරිපස දොර කඩා  නිවසට ඇතුළු වී ගිනි තබා අනතුරුව රෝහල් ගත වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය..

නිවසට ගිනි තබන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු සිට නැතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අදාළ පහරදීම සම්බන්ධයෙන් ද සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලීසිය සඳහන් කරයි 







  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සුනඛයන්ට හරි අපලකාලයක් මේක - පවුලේ ආරවුලකට මැදි වූ ගෙදර සුරතලා Rating: 5 Reviewed By: webgossip24.com