728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, February 16, 2023

රෝහල් වල අත්‍යවශ්‍ය සැත්කම් පමණයි -සෞඛ්‍ය ඇමැති විසින් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්


 රට තුළ පවතින මූල්‍ය අර්බුදය මත රජයේ රෝහල්වල සිදුකරන සැත්කම් ද සීමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය උපදෙස් මත අත්‍යවශ්‍ය සහ හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට කටයුතු කරන ලෙස ද, සෙසු සැත්කම් පමා කිරීමට පියවර ගන්නා ලෙසද සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙම තීරණයට බලපා ඇත්තේ පවතින මූල්‍ය අර්බුදය මත සැත්කම් කිරීම සඳහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රමාදයක් පැවතීම බව සෞඛ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. 

එබැවින් දැනට රෝහල්වල පවතින සැත්කම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අත්‍යවශ්‍ය සැත්කම් කිරීම සඳහා භාවිත කරන ලෙස උපදෙස් දුන් බවද සෞඛ්‍ය ඇමැතිවරයා පවසයි.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රෝහල් වල අත්‍යවශ්‍ය සැත්කම් පමණයි -සෞඛ්‍ය ඇමැති විසින් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් Rating: 5 Reviewed By: webgossip24.com