728x90 AdSpace

උණුසුම් පුවත්.....
Saturday, February 25, 2023

මාස 20 ට අඩු පොඩි බබෙක් ඉන්නවා නම් ළඟම ප්‍රා.දේ ලේකම් කාර්යාලයට යන්න. යුනිසෙෆ් එකේ අධාර වැඩසටහනක් යනවා. උප්පැන්නය,හැදුනුම්පත අරන් යන්න.


 යුනිසෙෆ් සංවිධානය සෑම දරුවෙකුගේම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රටවල් 190 ක සහ ප්‍රදේශ වල ක්‍රියා කරයි. යුනිසෙෆ් වසර 70 ක් පුරා දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිත වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇත.

ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෝලීය පැවැත්මක් අවශ්‍ය වේ, ප්‍රතිඵල නිපදවීම සහ ඒවායේ බලපෑම් අවබෝධ කර ගැනීම අරමුණු කරගනිමින්. යුනිසෙෆ් විශ්වාස කරන්නේ සියලු දරුවන්ට ජීවත් වීමට, දියුණු වීමට සහ ඔවුන්ගේ හැකියාවන් සපුරාලීමට - වඩා හොඳ ලෝකයක ප්‍රයෝජනය සඳහා අයිතියක් ඇති බවයි.

ඒ අරමුණු පෙරදැරි කරගෙන විශේෂයෙන්ම ලංකාවේ දැනට පවතින ආර්ථික ගැටළු හමුවේ එක්සත්‌ ජාතින්ගේ ළමා අරමුදල මගින්‌ ක්‍රියාවට නංවන ඉහත වැඩසටහන සදහා 2021.05.01 සිට 2022.12.31 දින දක්වා එනම්‌, මාස 05 - මාස 20 ත්‌ අතර උපන්‌ දරුවන්‌ සිටින මච්චරුන්‌/භාරකරුවන්‌ හට මේ සදහා අයදුම්‌ කළ හැකි අතර මසකට රු. 6,750/ක බැගින්‌ මාසහතරක මූල්‍යමය සහනාධාරයක්‌ ලබා දිමට නියමිතය. මෙම ප්‍රතිලාභය මවගේ/භාරකරුගේ සක්‍රීය බැංකු ගිණුම වෙත සෘජුව බැර වන බැවින්‌ එය ඕනෑම බැංකුවක සක්‍රීය බැංකු ගිණුමක්‌ (සමෘද්ධි /ග්‍රාමීය බැංකු ගිණුමක්‌ හැර) විය යුතුය.

ඔබගේ දරුවා හෝ දරුවන්‌ ඉහත වයස්‌ සීමාවේ පසුවේ නම්‌ පහත සදහන්‌ ලිපි ලේඛනවල මුල්‌ පිටපත්‌ රැගෙන පැමිණෙන ලෙස කාරුණික ව දැනුම්‌ දෙන අතර කොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතු අතර ආදායම්‌ මට්ටම සලකා නොබැලේ.මෙය දැනට ක්‍රියාත්මක වන්නේ පුත්තලම,අනුරාධපුර කෑගල්ල මොණරාගල කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික් මුල් කරගෙනයි

කරුණාකර මිතුරන්ට මේ පණිවිඩය ලබාදෙන්න 




  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මාස 20 ට අඩු පොඩි බබෙක් ඉන්නවා නම් ළඟම ප්‍රා.දේ ලේකම් කාර්යාලයට යන්න. යුනිසෙෆ් එකේ අධාර වැඩසටහනක් යනවා. උප්පැන්නය,හැදුනුම්පත අරන් යන්න. Rating: 5 Reviewed By: webgossip24.com