728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, February 23, 2023

මාර්තු 9 තියන්න තිබ්බ ජන්දෙට අධිකරණය දුන්න නියෝගය

 


පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි විශ්‍රාමික යුද්ධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර විසින් ගොනු කරන ලද රිට් පෙත්සම මැයි 11 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

ඒ, අදාළ පෙත්සම අද (පෙබ. 23) ශ්‍රේෂ්ඨාධිකරණයේදී නැවත සලකා බැලූ අවස්ථාවේදී ය.

වර්තමානයේ රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඇතුළු නව දෙනෙකි.

මේ අතර, නියමිත පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා බවට මීට පෙර ලබාදුන් ප්‍රතිඥාව ඉටු කිරීමට අපහසු තත්ත්වයක් මතු වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 20 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මාර්තු 9 තියන්න තිබ්බ ජන්දෙට අධිකරණය දුන්න නියෝගය Rating: 5 Reviewed By: webgossip24.com