728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, February 17, 2023

කෝටිපති මාමගේ කාරයට දෙපාරක් යටවී අකාලයේ මිලින වී ගිය පුංචි මල් කැකුළ


කෝටිපති ව්‍යාපාරික මාමා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයට යටවී වයස අවුරුදු එකහමාරක  දැරියක් මිය ගොස් ඇති  බව කොහුවල පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ කොහුවල  කලුබෝවිල  පි .රූබන් පීරිස් මාවතේ පදිංචිව සිටි සුවයිරා මොහොමඩ් මුස්තාක් දැරියයි

මෝටර් රථය  පැද වූ දැරියගේ මවගේ  සහෝදරයා වන  28 හැවිරිදි  කෝටිපති ව්‍යාපාරික සැකකරු අත්අඩංගුවට ගෙන  ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත

සැකකරු නිවසින් පිටවී යාමට පෙරේදා 16 දහවල් සූදානම්ව මෝටර් රථය නිවස ඉදිරිපිටට ගරාජයෙන් පිටතට ගැනීමේ දී මෝටර් රථය ඉදිරියට පැමිණි දැරියව බපරයට සහ පොළවට  තෙරපීමෙන්  අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

අනතුර සියැසින් දුටු  නිවසට පැමිණ යතුරු පැදියෙන් පිටවීමට ගිය පුද්ගලයෙකු ඒ බව සැකකාර රියදුරුට දැනුම් දීමත් සමග ඔහු මෝටර් රථය ආපස්සට ගෙන ඇති අතර නැවතත් දැරියව මෝටර් රථයේ බපරයට සහ පොළොව අතර තෙරපී ඇතැයි පොලිසිය කියයි

වහා ක්‍රියාත්මක වූ නිවැසියන්  දැරියව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (17) අළුයම මියගොස් ඇති බව  පොලිස් නිලධාරියකු පැවැසීය

අනතුර සිදු වන ආකාරය නිවසේ සවි කර තිබූ සීසීටීවී කැමරාවේ මනාව සටහන්ව ඇති බවත් අනතුර සිදු වූ ස්ථානයේ කිසිදු ලේ පැල්ලමක් දක්නට නැති බවත්  පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි  ගල්කිස්ස අධිකරණයේ  වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ  මහත්මිය මූලික පරීක්ෂණ සිදුකර  මෝටර් රථය පොලිස් භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: කෝටිපති මාමගේ කාරයට දෙපාරක් යටවී අකාලයේ මිලින වී ගිය පුංචි මල් කැකුළ Rating: 5 Reviewed By: webgossip24.com