728x90 AdSpace

උණුසුම් පුවත්.....
Sunday, February 19, 2023

මව්පිය අසමගිය නිසා අකාලයේ මෙලොවින් සමුගත් අයියා මලෝ සහෝදරයින්

 


රත්නපුර කරපිංච ශාන්ත ජෝකිම් වත්තේ ලැයිම් කාමර අංක හතර අසල ඇති ළිඳක් ආසන්නයේ කැලෑ රොදක තිබී අවුරුදු හතක් සහ අවුරුදු එක හමාරක් වයසැති දරු දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් 19දා දහවල් හමුවු බව කුරුවිට පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ ශාන්ත ජොකිම්වත්තේ අංක හතර ලැයිම් පේලියේ නිවසක පදිංචිව සිටි අවුරුදු හතක් වයසැති ගජෙන්්ද්‍රකුමාර් සර්වනාද් සහ අවුරුදු එකහමාරක් වයසැති ගජේන්‍ද්‍රකුමාර් නිෂාද් යන එකම පවුලේ දරු දෙදෙනාය.

දරු දෙදෙනා මියගොස් ඇත්තේ කෙසේද යන්න සැක සහිත බව පොලිසිය කියයි. දරුවන්ගේ මව වු විසිනව හැවිරිදි කාන්තාවක් පවසා ඇත්තේ තමන්ගේ දරු දෙදෙනා ළිඳේ වැටී සිටිය දි අලූයම තමන් විසින් ගොඩගෙන අසල කැලේ තැබූ බවයි.

දරුවන් දෙදෙනාගේ මවුපියන් 18 දින සවස ආරවුලක් ඇතිකරගෙන ඇති බවට විමර්ශන වලින් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. ආරවුලෙන් පසු මියගිය ළමයින් දෙදෙනාගේ මව අලූයම් කාලයේ  නිවසින් පිටව ගොස් ඇති බවට හෙළිවී තිබෙන බව පොලීසිය පැවසුවේය.  

අඹුසැමි ආරවුලෙන් පසු මියගිය ළමයින් දෙදෙනාගේ පියා  නිවසින් පිටව ගොස්  ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 

මව විසින් දරු දෙදෙනා ඝාතනය කිරිමට උත්සාහ දැරූ බවට සැක සහිත තොරතුරු කිහිපයක් පොලීසියට අනාවරණය වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

මේ අතර දරුවන්ගේ මව වන කාන්තාව පවසා ඇත්තේ ආරවුලෙන් පසු නිවසින් පිටවගොස් යළි තමන් නිවසට පැමිණ විට දරු දෙදෙනා නිවසේ නොසිටි බවයි.

පදිංචි ලැයිම ආසන්නයේ පරීක්‍ෂා කිරීමේ දී ළමයි දෙදෙනා ළිදේ වැටී සිටි බවත් ළමයින් දෙදෙනා ගොඩට ගෙන අසල පිටි කැලෑවේ තියාගෙන එළිවන තුරු සිටි බවත් පසුව එතනින් ඉවත්ව ගොස් පෙනඩෝල් පෙති විශාල ප‍්‍රමාණයක් එකවර බිවු බවත් සඳහන් කර තිබුණි.

දරු දෙදෙනාගේ මරණය ඝාතනයක් විය හැකියැයි පොලීසිය සැක කරයි.  දරුවන්ගේ මව වු  පෙනඩෝල් පානය කළ කාන්තාව රෝහල් ගතකර ඇත. ඊයේ (19දා) සවස් වරුවේ මළසිරුරු තිබූ ප‍්‍රදේශයට අධික වැසි ඇදහැලීමෙන් පරීක්‍ෂණ කටයුතුවලට බාධා ද එල්ලවිය. 
අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත‍්‍රාත වරයා සිද්ධියවු ස්ථානයට පැමිණිමට නියමිතව තිබුණි. 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මව්පිය අසමගිය නිසා අකාලයේ මෙලොවින් සමුගත් අයියා මලෝ සහෝදරයින් Rating: 5 Reviewed By: webgossip24.com