728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, February 17, 2023

අලි පොහොට්ටු ආණ්ඩුවට දවල් තරු පෙනෙයි - පුංචි ජන්දෙට සජබ - ජාජබ එකතු වෙයි


පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කරමින් සිටින විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කිරීමට ජාතික ජනබලවේගය අද (17) කටයුතු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රමුඛ පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණ ලිපියක් භාරදුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ලිපියක් එක්සත් ජාතීන්ගේ කාර්යාලයට භාරදුන් බවයි

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව අත්තනෝමතික ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් සමගි ජන බලවේගය යුරෝපා කොමිසමට අද  (17) සංදේශයක් බාර දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුලු සමගි ජන බලවේගයේ  නියෝජිත පිරිසක් මෙම  සංදේශය භාර දුන්හ.

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණ කල් දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජ්‍ය තානාපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණය පවත්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මැදිහත් වන්නැයි යුරෝපාකොමිසමෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු තවදුරටත් කීවේය.
  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අලි පොහොට්ටු ආණ්ඩුවට දවල් තරු පෙනෙයි - පුංචි ජන්දෙට සජබ - ජාජබ එකතු වෙයි Rating: 5 Reviewed By: webgossip24.com