728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, February 20, 2023

මෝටර් රථයට හිතා මතා බලු පැටව්න් දෙදෙනා යට කල වරදට නීතිය ක්‍රියාත්මක වී ඇත - ජායාරූප


මගමග සිටිනා බලුපැටවුන් දකිනා යහපත් සිත් ඇත්තෝ උන් ගෙන ගොස් හදාවඩාගෙන රැකබලාගන්නෝය. මහමග බලු පැටවුන් ඒ මේ අත දිවයනු දකිනා වාහන පදවන කරුණා සිත් ඇත්තෝ හැකිතාක්
වේගය අවම කර උන්ගේ පනනල බේරා සිත් සනසවාගෙන යන්නෝය. ඇතැමුම් වාහනයෙන් බැස පැටවුන් මහ මගින් ඉවතට කර ඈතින් තබා ඉන් නොනැවතී කෑමට යමකුත් උන්හට දී සිත් පහදවාගෙන යන්නෝය.

එවන් දසදහසක් උතුමන් අතරින් කලාතුරකින් දැකගතහැකි මානසික අබාධ ඇති අයද සමුවිය හැකිය. මෙතැන කුඩා බලු පැටවුන් දිවඑන සැටි දෑහට පෙනි පෙනී පැදගෙන ආ කාරයේ වේගය අඩාලකොට සිතාමතාම අමු අමුවේ රෝදයට යට කරදමමින් බලුපැටව්න්ගේ ජීවිත එතැනම නැතිකල පාපතරයා එහි ආනිශංස දිනයක විඳගනු බැව් නිසැකය.මේ බලු අම්මා ශෝකයෙන් වැළපෙනවා ඇති. ඇය ඒ මේ අත දිව යමින් පැටවුන් සොයනවා ඇති. දාරක ස්නේහයෙන් ඇගේ තනයට එරෙන කිරි එරෙනවාත් ඇති...

ඇය අසලින් මින්පසු කිසිදාක යෑමට ඇය ඉඩ දෙන්නේ නම් නැතිබැව් නිසැකය. කාර් රථයක් දුටුවහාම ඇයගේ දරුවන් ම රා දැමූ ඒ පුද්ගලයා යැයි සිතමින් කෝපයෙන් බුරමින් ලුහුබැඳ දිවඑන සැටි නොබෝ දිනකින් දැකගත හැකි වනු ඇත. ඇය එසේ පැමිණ, ඔබ අහිංසක ඇයටද ඒ ඉරණම අත් කර නො⁣දෙන්නේ නම්..

කෙසේ නමුත් මේ සිදුවීමේ සිසිටිවී දර්ශන සමාජජාල මාධ්‍ය ඔස්සේ පසුගිය දින කීපයේ ප්‍රචලිත වුනා අවසානයේ මේ ක්‍රියාවට සම්බන්ධ පුදගලයින් නිතියය කොටුකර ගැනුමට හැකි වුනා.

මෙම සිදුවීම සම්බන්ධයෙන්බව් බව් Baw Baw Animal Welfare සංවිධානය, Justice for Animals & Nature (JAN) මනුසත් අභයදාන සංවිධානය මූලිකත්වයෙන් මේ සම්බන්ධයෙන් නුවරඑළිය කොථ්ඨාශයට අයත් මතුරට පොලිසිය වෙත පැමිණිලි යොමු කරනු ලැබුවා.

ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරැව අද දින එම අවස්ථාවේ CAX 0208 අංක දරන මෝටර් රථය පැදවූ කාන්තාව මතුරට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන වලපනේ ගරු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා..

එහිදී මෙම කාන්තාව විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ශයක ශරීර ඇප මත මුදා හරිනු ලැබුවා.නැවතත් මෙම නඩුව 2023,06,01 දින කැදවීමට නියමිතයි. එදින අපගේ ජ්යෙෂ්ඨ නීතීඥ මහතා මේ සම්බන්ධයෙන් ගරු අධිකරණයට කරුණු දැක්වීමට නියමිතයි.

නඩු අංකය B 160/23 ඉදිරි සතියේදී මෝසමක් මගින් CCTV දර්ශන ඇතුලත් වීඩියෝ පට මතුරට පොලිසිය මගින් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම වීඩියෝ පට සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැදවීම වෙනුවෙන්.නිතිය කෙසේ වෙතත් මේ යට සොබාදහමෙන් නිසි දඩුවම් ලැබේවි











  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මෝටර් රථයට හිතා මතා බලු පැටව්න් දෙදෙනා යට කල වරදට නීතිය ක්‍රියාත්මක වී ඇත - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com