728x90 AdSpace

උණුසුම් පුවත්.....
Wednesday, February 22, 2023

වැඩි වුන විදුලිබිල නිසා ජනතාවගෙන් කරදර සේවකයන්ට රාජකාරි කිරීම කරදරයක් පොලීසි යයි


 අගලවත්ත ධාර්ටන්පීල්ඩ් පාරේ විදුලි පද්ධතියේ ඇතිවූ කාර්මික දෝෂයක්  අලුත්වැඩියාවට පැමිණි විදුලි සේවකයන්ට සහ ඔවුන් පැමිණි නිල රථයට ගලකින් පහර දීමට උස්සාහ කළ පුද්ගලයකු ඉකුත්දා අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි.

අගලවත්ත ප්‍රාදේශීය විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකට  තොපි ලයිට් බිල වැඩි කරලා කියා විදුලි සේවකයන්ට සහ ඔවුන් පැමිණි නිල රථයට ගල් ගෙඩියකින් පහර දීමට උස්සාහ කර තිබේ.

වහා ක්‍රියාත්මක වූ විදුලි සේවකයන් මේ පිළිබදව අගලවත්ත පොලිස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තරිඳු හෙට්ටිආරච්චි මහතා තම නිලධාරින් සමග ගොස් අගලවත්ත ධාර්ටන්පීල්ඩ් පාර ප්‍රදේශයේම පදිංච් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ පිළිබඳව ඔහුගෙන් කළ විමර්ශනයකින් අනතුරුව සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව කීය.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: වැඩි වුන විදුලිබිල නිසා ජනතාවගෙන් කරදර සේවකයන්ට රාජකාරි කිරීම කරදරයක් පොලීසි යයි Rating: 5 Reviewed By: webgossip24.com