728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, February 9, 2023

සජිත් අසනීප වෙයි - පාක්ෂිකයන් කුපිත වෙයි බාර් වසයි - පිරිස එලවයි


 මඩොල්සිම නගරයේ අද  (09දා)  උදෑසන පැවැති සමගි ජන බලවේගයේ ජන හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නොපැමිණිම නිසා පැමිණ සිටි පාක්ෂිකයින් විරෝධය පාමින් කළහකාරි ලෙස හැසිරීමත් සමග පොලිසිය මැදිහත්ව සියලුම දෙනා විසුරුවාහැර තිබේ.

පළාත් පාලන මැතිවරණය පිළිබදව පස්සර,ලුණුගල සහ මඩොල්සිම ජනතාව දැනුවත් කිරීමේ ජන හමුවක් මඩොල්සිම නගරයේ අද  (09දා) සංවිධානය කර තිබු අතර එම රැළියට

පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේරසිංහ,වඩිවේල් සුරේෂ් මහතා ඇතුලු පාර්ලිමේන්තු හා ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රිවරුන් පැමිණ ජනහමුව ඇමතුහ.

මෙහිදි ජන හමුවට පැමිණ සිටි විශාල පිරිසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන තෙක් මග බලා සිටියත් අවසානය වන තෙක් නොපැමිණිම නිසා ජනතාව කුපිතවී කෑකෝ ගසමින් කළහකාරි ලෙස හැසිරිණි.

ජනහමුව අවසන්වීමෙන් පසු නගරයේ මත් පැන් හල් දෙකක් වසා දමා කළහකාරි ලෙස හැසිරෙමින් සිටි ජනතාව විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

මේ පිළිබදව ජනහමුව සංවිධාය කළ පිරිසකගෙන් විමසු විට පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ලේ සිට මඩොල්සිම ජන හමුවට පැමිණෙමින් සිටියදි  ඇතිවු අසනීප තත්වයක් මත ජන හමුවට නොපැමිණි බවයි.


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: සජිත් අසනීප වෙයි - පාක්ෂිකයන් කුපිත වෙයි බාර් වසයි - පිරිස එලවයි Rating: 5 Reviewed By: webgossip24.com