728x90 AdSpace

උණුසුම් පුවත්.....
Friday, February 24, 2023

මාර්තු 02 වැනිදා ග්‍රහ යුද්ධ දෙකක් මේෂ, තුලා, මිථුන, සිංහ, ධනු, කුම්භ සහ මීන ලග්න හිමියන්ට සුබ පල


 ග්‍රහ යුද්ධ දෙකක් එකම දිනයක සිදුවීම හේතු කොටගෙන එළැඹෙන මාර්තු 02 වැනිදා ජ්‍යොතිෂයෙහි සුවිශේෂී දිනයක් වශයෙන් සටහන්ව තිබේ. මෙහිදී සිකුරු හා ගුරු ග්‍රහයන් අතර පළමු ග්‍රහ යුද්ධය ද බුධ හා ශනි අතර දෙවැනි ග්‍රහ යුද්ධය ද සිදුවීමට නියමිතය.

සිකුරු ග්‍රහයා අසුර ගුරු ලෙස හැඳින්වෙන අතර ගුරු ග්‍රහයා හැඳින්වෙනුයේ සුරගුරු ලෙස ය. මෙම වසර තුළ පැවැති ග්‍රහ යුද්ධ දෙකකින් ම පරාජය වී සිටින සිකුරු මෙවර සිය ජයග්‍රහණය තහවුරු කරගන්නා බවද ජ්‍යොතිෂයෙහි සඳහන් වේ.

සිකුරු ග්‍රහයා ආසන්න වශයෙන් ග්‍රහ යුද්ධ 04ක් පමණ පරාජය වී තිබීම හේතු කොටගෙන මෙවර ලබන ජයග්‍රහණය විපරීත තත්ත්වයක් උදා කරයි. මේ හේතු කොටගෙන ජනතාවට යම් සහනදායී වාතාවරණයක් උදාවන බව පෙන්නුම් කරයි.

සිකුරු සහ ගුරු ග්‍රහ යුද්ධය මාර්තු 02 වැනිදා පෙරවරු 11.10ටද බුධ හා ශනි ග්‍රහයන් අතර ග්‍රහ යුද්ධය රාත්‍රී 8.05 ට සිදු වීමට නියමිතය. මෙම ග්‍රහ යුද්ධ හේතු කොටගෙන මේෂ, සිංහ, තුලා, මිථුන, ධනු, කුම්භ හා මීන ලග්න හිමියනට සුබ පල ද වෘෂභ ලග්න හිමියන්ට මිශ්‍ර පල ද උදාවීමට නියමිතය.

මේෂ, සිංහ සහ තුලා ලග්න හිමියන්ගේ විදේශගත වීමේ සිහින සැබෑ වන කාලයක් වන අතර වෘෂභ ලග්න හිමි අයගේ රැකියා අර්බුද උදාවේ. එහෙත් ඔවුන්ට නව ව්‍යාපාරික අවස්ථා පිරිනැමෙන බව පෙන්නුම් කරයි. මිථුන ලග්න අයගේ වෘත්තිමය ගමන් මඟ වෙනස් කරයි.

එහෙත් යහපත්ය. දේව භක්තිය ද ඉහළ යයි. කටක ලග්න ආගමික නායකයන්ට අශුභයි. අධ්‍යාපනය කරන අයට අශුභයි. කලාත්මක, නිර්මාණශීලී හා තාක්ෂණය භාවිත කරන අයට ශුභයි. සිංහ ලග්න අයගේ විදේශගත වීම්වලට මෙන්ම විවාහයට ද ශුභ පල අත්වේ. මහන්සි වන තරමට ප්‍රතිඵල ලැබේ.

කන්‍යා ලග්න හිමියන්ගේ අධ්‍යාපනයට බාධා එල්ලවේ. සෞඛ්‍ය හා ගැටලු පැන නඟී. විවාහ සිහින සැබෑ වේ. තුලා ලග්න හිමි අයටත් විදේශගත වීම්වලට ශුභ වුවද අධ්‍යාපන බාධා උග්‍ර වේ. ප්‍රේම සබඳතා ඇණ හිටී. වෘශ්චික ලග්න හිමි අයට දේපළ ගැටලු පැන නඟී. අධ්‍යාපනික බාධා එල්ල වේ. ධනු ලග්න හිමි අයට දේපළ හෝ යාන වාහන පල වෙනස් අත්දැකීමක් හිමිවෙයි. සහජ කුසලතාව වර්ධනය වේ. ඥාතීන් අතර භේද ඇති විය හැක. මකර ලග්න හිමි අයට වැඩිහිටියන්ගේ පීඩා මෙන්ම අවලාද අපහාස උදාවීමේ ඉඩ වැඩිය. ලෞකික ආශා පාලනය කරගත යුතුය. කුම්භ ලග්න හිමියන්ට වැඩ අධික වේ. පැවති ධන මාර්ග වෙනස් වේ. එහෙත් යහපත් වේ. මීන ලග්න හිමි අයට අලුත් දේ ඉගෙනීමට ලැබේ. ජීවන රටාව වෙනස් වේ. එහෙත් තද සෞඛ්‍ය ගැටලු උදාවනු ඇත.

ධාර්මිකව කටයුතු කරන්න. හොරකම, වංචාව, දූෂණය ජීවිතයෙන් බැහැර කරන්න. නිතර මහා විෂ්ණු දෙවියන්ට පුද පූජා කරන්න. එළඹෙන සෙනසුරාදා උදේ වරුවේ ආබාධිත හිඟන අයට කෑම, ඇඳුම් දන් දෙන්න. දෝෂ හරන වනු ඇත.

 

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: මාර්තු 02 වැනිදා ග්‍රහ යුද්ධ දෙකක් මේෂ, තුලා, මිථුන, සිංහ, ධනු, කුම්භ සහ මීන ලග්න හිමියන්ට සුබ පල Rating: 5 Reviewed By: webgossip24.com