728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, February 20, 2023

හිතාමතාම බලු පැටවුන් යට කල බවට පිලිගනී - වයස 27ක් වූ සැකකාර කාන්තාව නැවත අධිකරණයට කැදවයි


සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ මාර්ගයක සිටි සුනඛ පැටවුන් දෙදෙනෙකු “හිතාමතා” මෝටර් රථයකට යට කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

පොලිසිය සඳහන් කළේ, පෙබරවාරි 18 වන දින මේ සම්බන්ධයෙන් මතුරට පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර පෙබරවාරි 20 වන දා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මතුරට පොලිසිය මෙම සිදුවීම සම්බන්ධව මෝටර් රථයේ හිමිකරුට දැනුම් දීමෙන් පසු පෙබරවාරි 20 වන දා උදෑසන මෝටර් රථය පැදවූ වයස අවුරුදු 27ක් වූ මතුරට, ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සැකකරා කාන්තාව ස්වාමිපුරුෂයා සමග මතුරට පොලිස් ස්ථානය වෙත පැමිණ ඇත.

පොලිසිය සැකකාරියගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව සත්ව හිංසන පනතේ වගන්ති ප්‍රකාරව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව පොලිසිය පැවසීය.

සැකකාරිය පෙබරවාරි 20 වන දින වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගන්නා බව ත් කළ වරද පිළිබඳව පසු තැවිලි වන බව ත් අධිකරණය වෙත ප්‍රකාශ කර ඇත.

අධිකරණය සැකකාරියට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇති අතර නඩු විභාගය ජූනි 1 වන දින නැවත අධිකරණයේ කැඳවීමට නියමිත ය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.



  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: හිතාමතාම බලු පැටවුන් යට කල බවට පිලිගනී - වයස 27ක් වූ සැකකාර කාන්තාව නැවත අධිකරණයට කැදවයි Rating: 5 Reviewed By: webgossip24.com