728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, February 2, 2023

පස් වෙනිදට ගෑස් පෙන්නන සිලින්ඩරේ මිල වැඩි වෙන හැටි මෙන්න


  මීට පෙර වාර්තා වූ අගයට වඩා වැඩි ගණනකින් ලිට්‍රෝ සමාගම සිය ගෑස් මිල ඉහළ දැමීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5  ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 - 800 ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා වූයේ ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 - 700ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවයි.

කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල ඉහළ යාමට සාපෙක්ෂව කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 200 ත් 300 ත් අතර මුදලකින් සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 100 කට ආසන්න මුදලකින් මිල ඉහළ යෑමට නියමිත බව ද වාර්තා වේ. මෙම මිල ඉහළ දැමීම ලබන 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ගෑස් මිල සූත්‍රය අනුව මෙසේ ගෑස් මිල ඉහළ නංවන අතර එය සෑම මසකම 5 දා සංශෝධනය කරනු ලැබේ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පස් වෙනිදට ගෑස් පෙන්නන සිලින්ඩරේ මිල වැඩි වෙන හැටි මෙන්න Rating: 5 Reviewed By: webgossip24.com