728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, June 6, 2023

පොලිසියට චන්ඩි පාර්ට් දැමු දෙමළ මන්ත්‍රී අත්අඩංගුවට


 පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා කොල්ලුපිටිය රැජින පාර ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

ඉකුත් දෙවෙනි දින යාපනය වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ තැකයඩි ක්‍රීඩාංගනයේ දි පොලිස් නිලධාරීන්ට බැණවැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කිලිනොච්චියෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් මන්ත්‍රීවරයාට විදේශගත වීමේ තහනම් නියෝගයක් ද ඊයේ නිකුත් කෙරිණි

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: පොලිසියට චන්ඩි පාර්ට් දැමු දෙමළ මන්ත්‍රී අත්අඩංගුවට Rating: 5 Reviewed By: webgossip24.com