728x90 AdSpace

උණුසුම් පුවත්.....
Thursday, June 22, 2023

හැමදාමත් පාරේ යන්නෙ ඔහොම තමයි මේ බස් එක - ප්‍රදේශවාසීන් - හමුදා බස් රථ අනතුරෙන් අවුරුදු තුනේ පුංචි මල් කැකුලිය යන්නම යයි


 යුද හමුදාවට පවරාගත්  ස් රථයක් අද (22) අළුයම ස්කූටරයක ගැටී තුන් හැවිරිදි දැරියගේ හිස මතින් ධාවනය වීමෙන් දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ රයිගම කැලේ කඩේ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසදි දෙනෙත්මා සපුගේ නැමැති තුන් හැවිරිදි දැරියයි

බණ්ඩාරගම සමුපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරිය වන මියගිය දැරියගේ මව දැරිය ස්කූටරේ නංවාගෙන කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී එම සමුපාකාර කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ දී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.

කළුතර සිට යුද හමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලයේ රැගෙන යමින් සිටි බස්  රථය බන්ඩාරගම සිට කැස්බෑව දෙසට ධාවනය වීමේ දී බණ්ඩාරගම සමුපාකාර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී මාර්ගයේ දකුණු පසින් අපරික්ෂාකාරී ලෙස ධාවනය වී මාර්ගය මැදදී ස්කූටරේ  ගැටි මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරක් සමඟ වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් බරපතළ තුවාල ලබා සිටි දැරිය සහ මව බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන විත් තිබූ අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දැරියගේ හිසට බරපතළ බරපතල තුවාල සිදුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

දැරියගේ මව අධික කම්පන තත්ත්වයට පත්ව බණ්ඩාරගම දිසා රෝහලේ ගිලන් රථයක් මගින් පානදුර මූලික රෝහල වෙත යොමුකිරීමට පියවර ගත්හ.

අනතුර සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් බස් රථ රියදුරුට පහර දී ඇත. දැරිය පැලඳගෙන සිටි ආරක්ෂක හිස්වැස්ම කැබලි බවට පත්ව අනතුර සිදු වූ ස්ථානයේ වැටී තිබූ බව පොලිසිය කියයි.

දැරියගේ මව සෑම දිනකම කල්වේලා ඇතිව කාර්යාලය වෙත පැමිණ ඒ ආසන්නයේ තිබෙන දිවා සුරකුම් මධ්‍යස්ථානය වෙත  දැරිය යොමු කිරීම සිදු කර තිබූ බව පොලිසිය කියයි.

අනතුරත් සමග ම එම ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් මෙම බස් රථය සෑම දිනකම ඉතා අපරික්ෂාකාරී ලෙස මාර්ගයේ ධාවනය වන බවට  පොලිස් නිලධාරීන් හමුවේ පවසන්නට විය.

අනතුරෙන් බස් රථයේ පා පුවරුව අසලට හානි සිදුවී තිබූ අතර ස්කූටරය ට සැලකිය යුතු අලාභයක් සිදුවී නැතැයි පොලිසිය කියයි. බස් රථ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි




  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: හැමදාමත් පාරේ යන්නෙ ඔහොම තමයි මේ බස් එක - ප්‍රදේශවාසීන් - හමුදා බස් රථ අනතුරෙන් අවුරුදු තුනේ පුංචි මල් කැකුලිය යන්නම යයි Rating: 5 Reviewed By: webgossip24.com