728x90 AdSpace

උණුසුම් පුවත්.....
Monday, June 12, 2023

රට යන්න දින දෙකක් තව තිබියදී ධනුෂ්ක ඇතුලු පවුලේම දිවි අහිමි කළ තුල්හිරියේ මාරක රිය අනතුර - ජායාරූප


ධනුෂ්ක මීට මාසයකට පෙර කටාර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර ඔහු යළි කටාර් බලා යෑමට නියමිතව තිබුණේ අනිද්දා (15 වැනිදා) ය. ඒ වෙනුවෙන් ඊයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යාමට තිබීමත්, අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම පුතුගේ නව පාසල් වාරය ඊයේ ආරම්භ වීමත් නිසා මොවුන් සාදය පැවැති දින රාත්‍රියේම ගාල්ලේ සිට පැමිණ ඇතැයි වරකාපොළ පොලිසිය සඳහන් කරයි.

මෙම සාදය අතරතුර ඥාතියකුගේ අවමංගල උත්සවයක්ද කන්තලේ ප්‍රදේශයේදී පැවැති අතර ධනුෂ්කගේ නිවුන් වැඩිමහල් සොහොයුරු හා බිරිඳ ඒ සඳහා සාදය අතරතුරම ගොස් තිබේ.

සාදය නිමවා රාත්‍රියේම රඹුක්කන නිවස කරා එමින් සිටි ධනුෂ්ක පැදවූ ත්‍රිරෝද රථය තුල්හිරිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධ දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර ත්‍රිරෝද රථය ගිනි ගැනීමටද ලක්ව තිබේ.

බරපතළ තත්වයේ පසුවූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනාම වරකාපොළ රෝහල වෙත ගෙනගියත් ඔවුන් ඒ වනවිටත් මියගොස් තිබිණි.

අනතුරට අදාළව ලොරි රථයේ රියැදුරු වරකාපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ වරකාපොළ මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.

අනතුරට හේතුව ත්‍රිරෝද රථ රියැදුරුට නින්ද යාම හා වාහන දෙකෙහිම රියැදුරන්ගේ අපරීක්ෂාකාරී රිය ධාවනය බව පොලිසිය සඳහන් කරයි. 


  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: රට යන්න දින දෙකක් තව තිබියදී ධනුෂ්ක ඇතුලු පවුලේම දිවි අහිමි කළ තුල්හිරියේ මාරක රිය අනතුර - ජායාරූප Rating: 5 Reviewed By: webgossip24.com