728x90 AdSpace

උණුසුම් පුවත්.....
Tuesday, June 6, 2023

අවුරුදු 16දී මන් බැන්දේ.මගුල හෙටයි කියලා එයා කිව්වා එයාව බඳින්න එපා ගෙදරින් පැනලා යන්න කියලා


  එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ  අති දක්ෂ ගායිකාවක් තමයි කේ සුජීවා කියන මේ සුන්දර චරිතය.එදා ඇය ගායනා කරපු ඉඟිමරන තරු රෑන කෝ  ගීතයට අදටත්  ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.ඒ වගේම තමයි මේ වෙද්දි  සුජීවා වේදිකාවට ගොඩවෙන්නේ තනියම නෙවෙයි.

ඇයට ඉන්නවා ආදරණීය දියණියන් දෙදෙනෙක් මේ දෙදෙනාම සංගීත වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.ඇයි නිසාම් බව කේ සුජීවා කියන චරිතය අද වන විට ගීත ගායනා කරන්නේ තමන්ගේ ආදරණීය දියණියන් දෙදෙනාත් එක්ක.

පසුගිය කාලයේ සිදුවූ යම් සිදුවීමක් නිසා ඔවුන් තුන්දෙනාම තුන් දෙනාම එකට එකතු වෙලා ” අපි දැන් හරිම ප්‍රසිද්ධයි ” කියන ගීතයක් නිර්මාණය කරලා තිබ්බා.

එවගේම තමයි කවුරුත් දන්නවා සුජීවා කියන්නේ විවාහ ජීවිතය නොයෙකුත් අභියෝග වලට මුහුණ දීපු කෙනෙක් කියන්න. ඇය දමිළ ජාතික තරුණියක් නිසා අවුරුදු දාසයක් වන ලාබාල අවධියේම ඇයට සිද්ධ වෙනවා විවාහ ගිවිස ගන්න.

ඒ වගේම තමයි ඒ පළමු විවාහ ජීවිතය  අසාර්ථක කර ගන්න ඇයට හැකියාව ලැබුණේ නැහැ.කවුරුත් නොදන්න ඇයගේ ඒ විවාහ ජීවිතයේ අමිහිරි අත්දැකීම් ගැන සුජීවා  මාධ්‍යයකට කියලා තිබුනෙ මේ වගේ කතාවක්.

“ගෙදරින් මට බන්දලා දුන්නෙ ලොකු පෝස්ට් එක හිටපු කොළඹ හැදිච්ච club රේසින් වගේ පැත්තට හිටපු කෙනෙක්.ඒ කාලේ මනුස්සයට මාව ගොන් ගෙඩියක් වගේ පේන්න ඇති.

මොකද මම ගමේ ගොඩේ හැදුන කෙනෙක් නිසා එයාගේ තත්වෙට ගැලපෙන් නැහැ.එයා බලාපොරොත්තු වෙන්න ඇති ලස්සන කොන්ඩේ කොටට කපපු හොඳට බොන කෙනෙක්ව.ඉතින් මාව එකට ගැලපෙන් නැහැ.ඊට පස්සේ එයා කිව්වා මම උඹට කිව්වනේ පැනලා යන්න කියලා. 

ඒ කියන්නේ බඳින්න කලින් ඒ මනුස්සයා  මට එයාගෙ මල්ලිත් එක්ක ඇවිල්ල කලින් කියලා ගියා බඳින්න එපා ඔයා මාව ගෙදරින් පැනලා යන්න කියලා.ඔයා දැම්ම යන්න සුදු බේබි මම ඔයාට උදව් කරන්නම් ගෙදර ඉන්න එපා හෙට මගුල කියලා.”

ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇයගේ ජීවිතයේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙන්නේ ඉතින් අවසානයේ සඳහන් කරන්න කවදාවත් ඔහුත් එක්ක තරහ නෑ කියලා මොකද මේ වන විටත් ඔහු ජීවතුන් අතර නැහැ.

  • Blogger Comments
  • Facebook Comments
Item Reviewed: අවුරුදු 16දී මන් බැන්දේ.මගුල හෙටයි කියලා එයා කිව්වා එයාව බඳින්න එපා ගෙදරින් පැනලා යන්න කියලා Rating: 5 Reviewed By: webgossip24.com